අතිශයින් ම තීරණාත්මක තරගය අද.. දිනුවොත් ලංකාවට උසස්වීමකුත් ..

Cricket Sri Lanka Cricket West Indies cricket team Sports
By Piyumika Oct 23, 2024 03:21 AM GMT
Piyumika

Piyumika

Report

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (23) පැවැත්වේ. තරඟය පස්වරු 2.30 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

පසුගිය ඉරිදා පැවැති පළමු තරගය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව, සත්කාරක ශ්‍රී ලංකාව තරග 1ට 0ක් ලෙස ඉදිරියෙන් සිටියි. එබැවින් අද තරගය ජය ගැනීම දෙපාර්ශ්වයට ම අතිශයින් ම තීරණාත්මක වනු ඇති.

රන්ජන් ජනපතිට ලිපියක් ලියා කියපු දේ..

රන්ජන් ජනපතිට ලිපියක් ලියා කියපු දේ..

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියට පෙර ඉන්දියාවට එරෙහිව එක්දින තරගාවලි ජයක් හිමි කරගැනීමට ද සමත් වූ අතර අදාළ තරගාවලියේදී මෙන්ම මෙම තරගාවලියේ පළමු තරගයේදී ද ශ්‍රී ලංකාව දඟ පන්දු යවන්නන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම විශේෂත්වයක් විය.

පසුගිය ඉරිදා (20 වැනිදා) පැවැති පළමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දඟ පන්දු යවන්නන් යොදාගනිමින් පන්දුවාර 31.3ක් යොමු කළ අතර ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් යොමු කොට තිබුණේ පන්දුවාර 7ක් පමණක් වීමද විශේෂත්වයකි.

අද තරගය පැවැත්වෙන කාල සීමාව තුළදී තරගයට සුළු වර්ෂාවන්ගෙන් බාධා එල්ල වීමට ඉඩක් ඇතැයි යනුවෙන් කාලගුණ අනාවැකි පළ වී තිබේ. මෙම කාලගුණ තත්ත්වයන් හේතුවෙන් අද තරගයේ දෙවන අර්ධයේදී පිතිකරුවන්ට වැඩි වාසියක් හිමි වනු ඇතැයි යනුවෙන් අනුමාන කළ හැක.

සමහර රජයේ සේවකයන්ගේ පැටිකිරිය මෙහෙමයි.. වසරේ ගෙවුණු මාස 9 ඇතුලත මෙහෙම නම්..

සමහර රජයේ සේවකයන්ගේ පැටිකිරිය මෙහෙමයි.. වසරේ ගෙවුණු මාස 9 ඇතුලත මෙහෙම නම්..

කෙසේවෙතත් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ කෘත්‍රිම ආලෝක යටතේ පන්දුව දෝලනය වීමට වැඩි ඉඩක් පැවැතීම හේතුවෙන් කාසියේ වාසිය ජයගන්නා කණ්ඩායම හොඳ පිතිකරණ බල ඇණියකින් සමන්විත නම් පළමුවෙන් පන්දු යොමු කිරීමටත්, හොඳ වේග පන්දු යවන්නන් සහිත නම් පළමුවෙන් පිතිකරණයේ යෙදීමටත් උත්සුක වනු ඇත.

පෙර තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම සහ පිතිකරණය හොඳ මට්ටමක පැවතීම හේතුවෙන් ඒ හා සමාන කණ්ඩායමක් අද තරගයටත් ක්‍රීඩා කිරීමේ වැඩි ඉඩක් පවතියි. මේ අතර සුළු ආබාධ තත්ත්වයකින් පෙළුණු පැතුම් නිස්සංක අද තරගයට සහභාගී වනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

යම් හෙයකින් ඔහු මෙම තරගයට එක් වූවහොත් අවිශ්ක ප්‍රනාන්දුට හෝ පසුගිය ඉරිදා එක්දින වරම් දිනා සිය මංගල එක්දින තරගයේදීම අර්ධ ශතකයක් රැස් කළ නිශාන්ට සිය ආරම්භක පිතිකරු ස්ථානය අහිමි වනු ඇත.

මළ සිරුරක් තියාගෙන මාස තුනක් එකම නිවසේ ජිවත් වූ අයෙක් ..

මළ සිරුරක් තියාගෙන මාස තුනක් එකම නිවසේ ජිවත් වූ අයෙක් ..

2023 වර්ෂයේදී එක්දින තරග බිම විශිෂ්ටතම දක්ෂතා දැක්වූ ශ්‍රී ලාංකික පිතිකරුවකු වන සධීර සමරවික්‍රමට මෑත භාගයේ ලකුණු අතර නොසිටියත් මෙම තරගයේදී තවත් අවස්ථාවක් හිමි වනු ඇතැයි විශ්වාස කළ හැක. 2023 වර්ෂයේදී පමණක් සධීර සිය එක්දින ලකුණු සාමාන්‍ය 44.73ක් ලෙස රඳවා ගනිමින් එක් ශතකයක් සහ අර්ධ ශතක 6ක් සමගින් ලකුණු 850ක් රැස් කිරීමට සමත් වූවත් 2024 වසරේ මේ දක්වා ක්‍රීඩා කළ ඉනිම 14දී ඔහු වාර්තා කර තිබෙන්නේ එක් අර්ධ ශතකයක් පමණක් වීම විශේෂත්වයකි.මෙම වසරේදී සධීර මේ වන තෙක් රඳවා ඇති ලකුණු සාමාන්‍යය 20.18ක් පමණි.

අද තරගයේදී කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා පා දඟ පන්දුවට වඩාත් හොඳින් මුහුණ දීම වෙනුවෙන් අමතර වමත් පිතිකරුවකු කණ්ඩායමට එක් කිරීමේ ඉඩක් පවතින අතර මේ හේතුවෙන් චරිත් අසලංකට සහ කමිඳු මෙන්ඩිස් දෙදෙනාට පන්දුවාර 12 - 18 අතර සංඛ්‍යාවක් යොමු කිරීමට සිදු වනු ඇත.

අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

අල්ලස් වැටලීම් අත්තිකාරම් ගිණුමේ සීමා ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය..

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුවන ජයග්‍රාහී රටාව සහ හුරු පුරුදු තණතීරුවක තරගය ක්‍රීඩා කිරීම හේතුවෙන් තරගයේ ජය හිමි කරගැනීමේ වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාව සතුව පවතින අතර මෙම තරගය ජයග්‍රහණය කර තරගාවලිය ජයග්‍රහණය කළහොත් එක්දින ශ්‍රේණිගත කිරීම් තුළ 6 වැනි ස්ථානය දක්වා උසස්වීමේ අවස්ථාවක් ද ශ්‍රී ලංකාව සතුව පවතියි.

සහභාගී වනු ඇතැයි අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

පැතුම් නිස්සංක

අවිශ්ක ප්‍රනාන්දු

කුසල් මෙන්ඩිස්

සධීර සමරවික්‍රම

චරිත් අසලංක

ජනිත් ලියනගේ

කමිඳු මෙන්ඩිස්

වනිඳු හසරංග

දුනිත් වෙල්ලාලගේ

ජෙෆ්‍රී වැන්ඩර්සේ

අසිත ප්‍රනාන්දු  

අද තරගයේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත් අසලංක මෙහෙයවන අතර ශායි හොප් කොදෙව් කණ්ඩායම මෙහෙයවනු ලබයි.