දිස්ත්‍රික්ක රැසකට දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්

Report

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකටම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව කළුතර සහ මාතර දිස්ත්‍රික්ක සඳහා දෙවන මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව සඳහන්.

එසේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බව දන්වා ඇත.

මේ අතර අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කළ නිවේදනයට අනුව අද දිවයිනේ ප්‍රදේශ රැසකට මි.මි 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව පවසයි.

එමෙන්ම එහි රටේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව අඳාළ නිවේදනයේ දැක්වේ.

ඉදිරි පැය 24 ගැන අද අලුයම නිකුත් කළ නිවේදනයක් මෙන්න

ඉදිරි පැය 24 ගැන අද අලුයම නිකුත් කළ නිවේදනයක් මෙන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි