ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ලිපියක් - තමාව ධූරයෙන් ඉවත් කිරීම ගැන ගැටලුවක්
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ, තමන් එම ධුරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වන පුවත් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
එමගින් ඔහු පෙන්වා දෙන්නේ, තමන් වසර දෙකක ස්ථාවර කාලයක් සඳහා 2025 දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත් කරන ලද බවත්, තම කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට සහ තේරීම් කමිටුව ප්‍රතිව්‍යුහගත කිරීමට අමාත්‍යාංශය සහ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බවට තමන්ට වාචිකව දැනුම් දී ඇති බවයි.
අදාළ තීරණය පිළිබඳව නිසි පරිපාලනමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින්, තමන්ට ඒ පිළිබඳව නිල වශයෙන් ලිඛිත දැනුම්දීමක් සහ එම තීරණය ගැනීමට හේතු වූ කරුණු පැහැදිලි කරන ලෙස ඔහු, ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත.
එමෙන්ම, මෙම ලිඛිත දැනුම්දීම මගින් තම වගකීම් විධිමත් ලෙස අවසන් කිරීමට සහ පෞද්ගලික වාර්තා නිවැරදි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් තමන් සැමවිටම කැපවී කටයුතු කළ බවත්, පරිපාලනයේ තීරණවලට ගරු කරන බවත් ඔහු වැඩිදුරටත් එම ලිපිය මඟින් සඳහන් කරයි.