චීන පතල් ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 82 දක්වා ඉහළට

Report

උතුරු චීනයේ ෂැන්සි පළාතේ ගල්අඟුරු පතලක සිදුවූ ගෑස් පිපිරීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 82 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තවත් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බවද සඳහන් වේ. පිපිරීම සිදුවන අවස්ථාවේදී කම්කරුවන් 247 දෙනෙකු පමණ පතල තුළ සේවයේ නිරතව සිට ඇති බවද වාර්තා වෙයි. මුදාගැනීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක අතර, අදාළ පතල් සමාගමේ විධායක නිලධාරීන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

චීනයේ ගල්අඟුරු පතලක් පුපුරා යයි - 8ක් මිය යද්දී තවත් 38ක් විෂ වායු මැද පණපිටින් සිරවෙයි

ෂැන්සි පළාත චීනයේ ගල්අඟුරු කර්මාන්තයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන අතර, චීනය ලොව විශාලතම ගල්අඟුරු පරිභෝජකයා සහ හරිතාගාර වායු විමෝචනය වැඩිම රටක් ලෙසද හැඳින්වේ.

ජාතික පතල් ආරක්ෂණ පරිපාලනයේ දත්ත අනුව, 2010 සිට 2025 දක්වා කාලය තුළ චීනයේ පතල් අනතුරු 3,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

පසුගිය මාසයේදීද ෂැන්සි පළාතේ සින්ග්සියෑන් ප්‍රාන්තයේ ගල්අඟුරු පතලක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබුණි.

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් මංකොල්ලය විමර්ශනය කරන්න FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

භාණ්ඩාගාර ඩොලර් මිලියන 2.5 සයිබර් මංකොල්ලය විමර්ශනය කරන්න FBI කණ්ඩායමක් හදිසියේම ලංකාවට

"දේශපාලන බලයෙන් ඉඩම් අල්ලපු කාලේ ඉවරයි" - අම්පාරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රබල අනාවරණයක්

"දේශපාලන බලයෙන් ඉඩම් අල්ලපු කාලේ ඉවරයි" - අම්පාරේදී ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ප්‍රබල අනාවරණයක්