IMF කිව්වටත් වඩා වැට් ගහලා ආණ්ඩුවට ඕන තරම් සල්ලි තියෙද්දිත් මේපාර මිලියන 1330ක් අඩුකරලා - අමාත්‍යාංශයක මුදල් කැපුවට සජිත්ට මළ පනී
අද දින පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ආණ්ඩුවෙක් ඉල්ලීමක් කර සිටියා.
ඔහු සඳහන් කළේ 2025 අයවැයට සාපේක්ෂව 2026 අයවැයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කරපු මුදලින් මිලියන 1330ක අඩුවීමක් දක්නට ලැබෙන බවයි.
ඒ අනුව විපක්ෂ නායකවරයා ඒ ගැන සලකා බලා අඩු කළ මුදල නැවත වැඩි කරන ලෙස ඉල්ලා සිටියා.
ඒ, " ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බුද්ධ ශාසනයට සුවිශේෂී ස්ථාවරයක් ලබා දී තිබෙන මොහොතක වෙන් කරපු මුදල තුන්දාස් හාරසිය අසූ හතර සිට දෙදහස් එකසිය පනස් හතර දක්වා අඩුකිරීම සුදුසු නෑ. ඒවගේම ගරු අග්‍රාමාත්‍යතුමියට මම යෝජනා කරන්න කැමතියි විශේෂයෙන්ම ධර්මාචාර්ය ගුරු සංගමය ඉදිරිපත් කරලා තියෙනවා ධර්මාචාර්ය ගුරු පත්වීම් දීම ක්‍රියාත්මක කරලා නැහැ කියලා. ඒවගේම දහම් සරසවි උසස් ඩිප්ලෝමාධාරීන්ටත් ඒ පත්වීම් ටික ලබා දීලා නැහැ 600ක් විතර ඉන්නවා එතන. ඒවගේම ධර්මාචාර විභාගය සමත් වන 14000ක් සිටිනවා එතන. මේ ගැන අවධානය යොමු කරලා ධර්මාචාර්ය ගුරු පත්වීම් සහ දහම් සරසවිය උසස් ඩිප්ලෝමාධාරීන්ටත් පාසල් ගුරු පත්වීමත් ඉක්මන් කරවන්න. විශේෂයෙන්ම බුද්ධ ශාසන අමාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා ප්‍රතිපාදන කප්පාදු කරවන් නැතුව ප්‍රතිපාදන වැඩි කරන්නට තවමත් කාලය තියෙනවා. ඇත්ත වශයෙන්ම මුදල් තියෙනවා ඕන තරම් අර කියපු විදිහට භාණ්ඩාගාරය පිරී ඉතිරී ගිහින් තියෙනවා. IMF එක කියනවටත් වඩා වැට් ගහලා බදු ආදායම් ලබලා තියෙනවා. ඒ බදු ආදායම් උපයෝගී කරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කරපු මුදල් ටික වැඩි කරන්න කියලා අපි මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා" යනුවෙන්.