දේශපාලනයේ හදිසි පෙරළියක්..සජිත්ව අගමැති කරන්න සාකච්ඡා [VIDEO]
වත්මන් ආණ්ඩුව තුළ ඇතිව තිබෙන යම් අර්බුදකාරී තත්ත්වයක් හමුවේ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීම සහ ඔහු වටා ඒකරාශී වීම පිළිබඳව ජාතික ජන බලවේගයේ පිරිසක් ඇතුළු පාර්ශ්ව කිහිපයක් සාකච්ඡා පවත්වා ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව ඉකුත් දිනවල මාලිමාවේ කාර්යාලයක පැවති සාකච්ඡාවකදී යම් ඝට්ටනයක් ඇති වූ බවටත්, ඇතැම් මන්ත්‍රීවරුන් ඉල්ලා අස්වීමට පවා සූදානමින් සිටින බවටත් තොරතුරු ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසයි.
එබැවින් මේ වන විට ආණ්ඩුව පවත්වාගෙන යාමේ අපහසුතාවක් පවතින බව ඔහු පෙන්වා දෙයි. එසේම සංජය පෙරේරා මහතා අදහස් දක්වමින් සඳහන් කළේ පක්ෂ මාරු කිරීම වැළැක්වීමට නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට උත්සාහ කරන්නේ මෙම පක්ෂ අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් විය හැකි බවටයි.
එමෙන්ම වැඩිදුරටත් කරුණු දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මාලිමා ආණ්ඩුවේ පිරිස් පමණක් නොව වෙනත් දේශපාලන පක්ෂවල පිරිස් ද විපක්ෂ නායකවරයා සමඟ සාකච්ඡා කර ඇති බවයි.
එබැවින් ඉදිරියේදී යම් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත වුවහොත්, අවශ්‍ය නායකත්වය ලබාදීමට සූදානම් වන ලෙස ඔවුන් විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා ඇති බව ද ඔහු කියයි.
ඊට අමතරව මෙම පිරිස් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එක්ව බහුතර බලය පෙන්වා, ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලබාදීමේ සැලසුමක් පවතින බවට සැකයක් පවතින බවත්, ආණ්ඩුව තුළ සිටින පිරිසක් ඔහු සමඟ එක්වීමට සූදානම් බවත් සුජිත් සංජය පෙරේරා මහතා තවදුරටත් පවසා සිටියි.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්