හිටපු පාර්ලිමේන්තු ලොක්කෙක් අත්අඩංගුවට ගැනීමට නියෝග
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ජාතික නිදහස් පෙරමුණට ලබා දුන් වාහන අවභාවිතා කළ බව කියන සිද්ධියට සම්බන්ධව ඇප මත මුදා හැර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (27) දින නියෝග කර ඇත.
ඒ අනුව අඳාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා මෙසේ වරෙන්තු නිකුත් කර තිබෙනවා.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අඳාළ සිද්ධියේ ඇප මත මුදා හැර ඇති ජාතික නිදහස් පෙරමුණේ හිටපු මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහමඩ් මුසම්මල් ඇතුලු පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නීතිපති උපදෙස් සදහා යොමු කර ඇති බවයි.
මේ අතර සිද්ධියට අදාළව ඇප මත සිටින ජාතික නිදහස් පෙරමුණු හිටපු මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, සේනාරත්නද සිල්වා ඇතුළු පිරිසක් අධිකරණයේ පෙනී සිට ඇති බව සඳහන්.
"ඩොලරය 250 වෙනවට අපි කැමතියි, මාලිමා රට භාරගත්තු දා සිට කොටස් වෙළඳපොළට ඇවිත් තියෙන්නේ ඩොලර් මිලියන 10යි" - එස්.එම්. මරික්කාර්