තිස්සකුට්ටිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශට සාගරගෙන් දැඩි අවවාද
ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ සිදුකිරීමෙන් වළකින ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා දැඩි අවවාද කර ඇත.
මෙම අවවාදය දුරකථන මාර්ගයෙන් සිදුකර ඇති බව වාර්තා වේ.
තිසකුට්ටි ආරච්චි මෑතකදී සිදුකළ බව කියන මතභේදාත්මක ප්‍රකාශ පක්ෂය තුළ සැලකිය යුතු කනස්සල්ලක් ඇති කර ඇති බවට පැවසෙයි.
ඒ අනුව, පොදුජන පෙරමුණ මෙම දැඩි අවවාදය සිදුකර ඇති අතර, හෙට (25) තිසකුට්ටි ආරච්චිට පක්ෂ කාර්යාලයට කැඳවීමක් ද සිදුකර ඇති බව වාර්තා වේ.
මේ අතර, පසුගියදා අනුරාධපුරයේ පැවති රැස්වීමකදී තිසකුට්ටි ආරච්චි පවසා තිබුණේ;
"මේ රටේ නාමල් රාජපක්ෂ ජනාධිපති වුණු දවසට මම මේ රටේ නිල නොලත් ජනාධිපති. මම එයාගේ ළඟම මිතුරා, ළඟම හිතවතා. එහෙමයි කියලා මට ගිහින් ‘මේක දෙන්න, අරක දෙන්න’ කියන්න බැහැ. ලංකාවේ වැඩිම ප්‍රතිශතයකින් අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරනකොට, එයාට ගිහින් කියන්න තියෙන්නේ ‘අනුරාධපුරයේ මිනිස්සු ඔයාට සැලකුවා, දැන් ඔයා අනුරාධපුරයේ මිනිස්සුන්ට සලකන්න’ කියලා විතරයි."
