මත්ද්‍රව්‍ය තොග පිටින් අල්ලද්දි කතා කරනවා, වැඩේ කියන්නේ අල්ලන වාරයක් ගාණේ එක පක්ෂයක් විතරක් මාධ්‍ය සාකච්ඡා තියනවා - නජිත්
වර්තමාන ආණ්ඩුව බලයට පත් නොවුනේ නම් අද වන විට තංගල්ල පොළේද අයිස් විකුණනු ඇතැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව අමතමින්.
ඒ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,
“කවදාවත් නැතුව තොග පිටින් මත්ද්‍රව්‍ය අල්ලන නිසා මේ සාකච්ඡාව ඇතිවී තිබෙනවා.මේවා පිටිපස්සේ ඉන්නෙ කවුද?ඔක්කොම ඉදිරියට හෙළි වේවි. නමුත් එක පක්ෂයක් විතරක් මේවා අල්ලන වාරයක් පාසා මාධ්‍ය සාකච්ඡා තියනවා. හොරාට කලින් කෙහෙල් කැන වැට පනිනවා කියන්නේ මේකටද? අනෙක ඔක්කොම දේවල් අහුවෙන්නේ එක පැත්තකින් නේ” යනුවෙන්.