WhatsApp සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන් තහනම් කිරීමට උත්සාහයක්
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියාව තම රට තුළ WhatsApp සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම අවහිර කිරීමට උත්සාහ කරන බවයි. මෙම පියවර මගින් අන්තර්ජාල අවකාශය කෙරෙහි වැඩි පාලනයක් අපේක්ෂා කර ඇති බවත් වාර්තා වේ.
රුසියාවේ මිලියන 100 කට වඩා වැඩි පිරිසක් WhatsApp යෙදවුම පරිශිලනය කරන බව Meta සතු WhatsApp සමූහය පවසා ඇත. ආරක්ෂක හේතුන් මත බව පවසමින් රුසියාව විසින් ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම ද සීමා කිරීම ද පසුගියදා සිදුකර ඇත.
රුසියාවේ WhatsApp සමාජ මාධ්‍ය තරම්ම පරිශීලකයින් ප්‍රමාණයක් ටෙලිග්‍රෑම් සතුව ද ඇති බවට ගණන් බලා ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.