මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක් - හේතුව මෙන්න

Report

මැතිවරණ කොමිෂන් සභාව විසින් 2026 වසර සඳහා දේශපාලන පක්ෂ පිළිගැනීම වෙනුවෙන් සුදුසුකම් සපුරාලන ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයදුම්පත් කැඳවා තිබෙන බවට වාර්තා වේ.

ඒ අනුව අදාළ අයදුම්පත් ජනවාරි 28 වැනිදා සිට පෙබරවාරි 28 වැනිදා දක්වා භාරදිය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

මෙම අයදුම්පත් අංක 2472/21 හා 2026.01.21 දිනැති ගැසට් පත්‍රයේ සඳහන් නිර්ණායක අනුව සකස් කර, පක්ෂයේ ලේකම්වරයාගේ අත්සන සමඟ ඉදිරිපත් කළ යුතු වේ.

එම අයදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙන්, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් හෝ මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් ලබාගත හැකි බවද සඳහන් වේ.

රාජිතට සේනාරත්නට කොළඹ මහාධිකරණ නියෝග

රාජිතට සේනාරත්නට කොළඹ මහාධිකරණ නියෝග

පක්ෂය පිළිගැනීමට ලක්වන්නේ නම්, අංක 2471/24 හා 2026.01.13 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ (ආ) උප ලේඛනයේ සඳහන් පක්ෂ ලකුණු අතරින්, එම පක්ෂය සඳහා වෙන් කර ගැනීමට අපේක්ෂිත ලකුණ නිශ්චිතව සඳහන් කළ යුතුය.

ඊට අමතරව පක්ෂ ව්‍යවස්ථාව, නිලධාරී මණ්ඩල ලැයිස්තුව, පසුගිය වසර හතරක කාන්තා නිලධාරීන්ගේ නම්, එම කාලය තුළ විගණනය කළ ගිණුම් ප්‍රකාශ, තත්කාලීන ප්‍රතිපත්ති ප්‍රකාශය සහ අවම වශයෙන් වසර හතරක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ බව සනාථ කරන ලිපි ලේඛන වෙන වෙනම ගොනු ලෙස ඉදිරිපත් කළ යුතු බවට සඳහන් වේ.

නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත් පෙබරවාරි 28 වැනිදා පස්වරු 3.00 දක්වා භාරගන්නා බවත්, එම වේලාවෙන් පසුව ලැබෙන අයදුම්පත් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරින් ඇප

කතෝලික පියතුමාට පහරදුන් පොලිස් නිලධාරින් ඇප

අදාළ අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීමට හෝ සභා කාර්යාලයට පැමිණ භාරදිය හැකි අතර, ලිපිකවරයේ ඉහළ වම්පස “දේශපාලන පක්ෂ පිළිගැනීම වෙනුවෙන් අයදුම් පත්‍රය – 2026” ලෙස සදහන් කළ යුතු බවද දැනුම් දී ඇත.

Gallery