සුප්‍රසිද්ධ ‘ස්පයිඩර් මෑන්’ හඬකැවීම් ශිල්පියා ජීවිතක්ෂයට - මරණයට හේතුව ප්‍රශ්නාර්ථයක් වෙයි

By Kaushi Jan 29, 2026 08:23 AM GMT
Report

සුප්‍රකට මාර්වල් (Marvel) චිත්‍රපට මාලාවේ ස්පයිඩර් මෑන් චරිතයට ලතින් අමෙරිකානු ස්පාඤ්ඤ භාෂාවෙන් හඬ කැවූ සුප්‍රසිද්ධ මෙක්සිකානු ශිල්පී ඇලෙක්සිස් ඔර්ටේගා (Alexis Ortega) අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඔහු 38 හැවිරිදි වියේ පසුව ඇත.

මොහු පසුගිය ජනවාරි 24 වැනිදා මියගොස් ඇති බව වාර්තා වන නමුත්, ඔහුගේ මරණයට හේතුව මෙතෙක් නිල ලෙස ප්‍රකාශයට පත් කර නොමැති වීම විශේෂත්වයක් වේ.

එසේම විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ පවුලේ සාමාජිකයින් හෝ මෙක්සිකානු බලධාරීන් මේ පිළිබඳව මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවයි.

‍රටම ආදරය කළ ප්‍රවීණ කලාකරුවෙක් දිවි‍යෙන් සමුගනී

‍රටම ආදරය කළ ප්‍රවීණ කලාකරුවෙක් දිවි‍යෙන් සමුගනී

හොලිවුඩ් නළු ටොම් හොලන්ඩ් (Tom Holland) රඟපෑ ස්පයිඩර් මෑන් චරිතයට ලතින් අමෙරිකානු රටවල් වෙනුවෙන් හඬ ලබා දුන්නේ ඇලෙක්සිස් ඔර්ටේගා විසිනි.

ඊට අමතරව, 'Big Hero 6' හි තදාෂි හමාඩා, 'Finding Dory' සහ 'Cars 3' වැනි ජනප්‍රිය සජීවිකරණ චිත්‍රපට, 'Luis Miguel: The Series' වැනි ටෙලි නාට්‍යවල සිය හඬ ලබා දීම නිසා ඔහු අතිශය ජනප්‍රියත්වයට පත්ව ඇත.  

ළමුන් ගැන තිත්ත ඇත්තක් එළියට - ඔබේ දරුවා ගැන සොයා බලන්න

ළමුන් ගැන තිත්ත ඇත්තක් එළියට - ඔබේ දරුවා ගැන සොයා බලන්න

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්

පාසල් දරුවන්ට භයානක රෝගයක් ගැන විශේෂ දැනුවත් කිරීමක්