රටටම කුස ගිනි නිවන හාල්.. මිලට මොකක් වෙයි ද?. ජනපති වහාම විශේෂ සාකච්ඡාවක.. තීරණ කිහිපයක්ම?.(PHOTOS)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය.
එහිදී ඉදිරි මාසවලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් වෙත පෙන්වා දුන්නෙ ය.
ලබා දෙන දීමනාවක් ගැන.. ජනාධිපති කාර්යාලයේ දී කළ විශේෂ දෙයක් මෙන්න.. අග්‍රාමාත්‍යවරියත් වහාම එතනට පැමිණිලා.. (PHOTOS)
ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ඔවුන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කළේ ය.
එමෙන්ම, සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණ.
තවද, නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.
පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේ ය.
කෙසේ වෙතත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනය පහතින් දැක් වේ,
You May Like This Video👇
.