හංසයා පසකට විසිවෙයි. - ජනපති රනිල්ට තීන්දු වූ අලුත්ම ඡන්ද සලකුණ මෙන්න.
By Wayomi
ජනපති රනිල් වික්‍රමසිංහ මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතයි.
ඒ, අනුව පැවති නාම යෝජනා භාරදීමෙන් අනතුරුව ජනපතිට ඡන්ද සලකුණ ලෙස "ගෑස් සිලින්ඩරය" මැතිවරණ කොමිසම විසින් ලබාදී තිබෙනවා.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාශාන් නවනන්ද, දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සහ හිටපු ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණසේකරම් ශංගර්, එක්සත් ජනතා පෙරමුණ පක්ෂයේ නායක ආචාර්ය සිරිමසිරි හපුආරච්චි යන යඅය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සහතික වී ඇත.