රනිල් වික්‍රමසිංහ ඉදිරි දින දහය ඇතුළත හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට - සිංගප්පූරුවේ ඉඳන් හදිසියේම ලංකාවට එන හේතුව මෙන්න
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
ඒ අනුව ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබී ඇතත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටින බව සඳහන්.
කෙසේ වෙතත් බොහෝ අය රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත්තේ සිංහල අවුරුද්දෙන් පසුව ලංකාවට එන ලෙසයි.
එසේම සිංගප්පූරුවේම විවේක ලබා ගනිමින් ටික කාලයක් ගත කළ යුතු බව සමීපතමයන්ගේ අදහස වී ඇත. එහෙත් රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය වන්නේ හැකි ඉක්මනින් ලංකාවට පැමිණිය යුතු බව ලෙස වාර්තා වේ.
ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න.. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නවා කියපු ලාල් හදපු ගෙදරින් බුකිය කැළඹෙයි
ඒ අනුව නිවසේ සිට හෝ අඳාළ දේශපාලන වැඩ මෙහෙයවීම ඔහුගේ අදහස බව සඳහන්. ඔහුගේ ස්ථාවරය වන්නේ ජනතාවට අසීරු කාලයකදී ශ්‍රී ලංකාවේ සිටිය යුතු බවටයි.
එබැවින් ඉදිරි දින දහය ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා නැවත ලංකාවට පැමිණීමට නියමිතව ඇත.
ඔහු ලංකාවෙන් පිටව යාමට පෙර ලබාදුන් උපදෙස් අනුව එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අඳාළ වැඩ කටයුතු දිගටම කරගෙන යමින් සිටින අතර එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුවේ සිටින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව විටින් විට දැනුවත් කිරීමටද කටයුතු කරමින් සිටින බව සඳහන්.