ප්‍රබල දේශපාලනඥයෙකු මහින්ද අභාවප්‍රාප්ත වේ

Report

අද (02) උදෑසන දකුණේ ප්‍රබල දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත. මියයන විට ඒ මහතා 83 වන වියේ පසු වූ අතර මාතර, ගොඩපිටියේ දී එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

2008 වසරේ දී මහින්ද විජේසේකර මහතා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය හෙබවූ අතර, 2001-2004 කාලයේ දී ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය ධුරය දැරූ අතර මහින්ද විජේසේකර මහතා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ පියාණන් වේ.

ඔහුගේ දේහය හෙට (03) දහවල් මාතර, කොටුව නිවසේ තැන්පත් කිරීමට නියමිතයි. එසේම හිටපු අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අනිද්දා (04) සවස 04.00ට මාතර ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවට ද සඳහන් වේ.

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

අවසන් වරට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි ඒ මහතා වසර 20කට අධික දේශපාලන ජීවිතය තුළ අමාත්‍ය ධුර කිහිපයක්ම හොබවා තිබේ.

ඔහු විසින් දැරූ අමාත්‍ය ධූර හා කාලසීමාව පහතින්,

තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යතුමා (2008-02-22 - 2010-04-09) විශේෂ ව්‍යාපෘති අමාත්‍ය (2007-01-28 - 2008-06-06) ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය (2001-12-12 - 2004-02-07) (2001-12-12 - 2004-02-11) (2000-10-19 - 2001-09-13) වනවගා සහ පාරිසරික අමාත්‍ය (2000-08-10 - 2000-10-10) වනවගා සහ පාරිසරික අමාත්‍ය (1999-07-03 - 2000-08-09) නිවාස සහ නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (1997-06-09 - 1999-07-03) නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-11-22 - 1997-06-09) නාවික, වරාය, පුනරුත්ථාපන සහ ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය (1994-09-01 - 1994-11-12)  

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්