ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න.. අමාරුවෙන් ජීවිතේ ගැටගහගන්නවා කියපු ලාල් හදපු ගෙදරින් බුකිය කැළඹෙයි
වර්තමාන ආණ්ඩුවේ දේශපාලන චරිත අතර වැඩිපුර කතාබහට ලක්වෙන චරිතයක් විදිහට අමාත්‍ය කේ.ඩී ලාල්කාන්තව දක්වන්න පුළුවන්.
ඔන්න මේ දවස්වලත් සමාජ මාධ්‍ය පුරාවම ඔහු ගැන කතා කරන්න පටන් අරන්.
ඒ ඔහු හැදුවයි කියන මහ විශාල ගෙයක් ගැන.
මේ ගැන කතා කරන අදහස් දක්වන අය අතරේ ජේවීපී කාරයන් හිඟන්නෝ කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න යනුවෙන් ලන්ඩන්වල ඉන්න උවිඳු කුරුකුලසූරිය සටහනක් තියලා තියෙනවා.
මේ පාර අලුත් අවුරුද්ද රටට සුබ වෙන එකක් නැහැ - අද සිට විදුලි ගාස්තුත් වැඩි වෙයි - දරුණු අර්බුදයක් ගැන චම්පික කට අරී
අඳාළ සටහන පහතින්,
"ජේවීපිකාරයො කියන්නෙ හිඟන්නො කියල හිතන අය ලාල් කාන්තගෙ ගෙදර බලන්න. මහ විශාල ගෙයක් හදල තියෙන්නෙ. මිනිස්සු හිතන් හිටියෙ ලාල් යෝගට් බිස්නස් එකක් කරගෙන රස්තියාදු ගහ ගහ ඉන්නකොට නන්දන ගුණතිලක නැවත ජවිපෙ දේශපාලනයට ගෙනාපු මිනිහෙක් කියල. ලාල් හොඳ ටේස්ට් එකක් තියෙන, නවීන අංගෝපාංග වලින් සමන්විත ඕපන් කිචන් එකක් තියෙන, පියානෝ එකකුත් ගෙදර තියෙන ලස්සන රසිකයෙක්. හැබැයි මේ අවුරුදු කීපයකට ඉස්සෙල්ල සන්නස්ගලගෙ අම්මා පොත එළියට දාපු දවසෙ කතාවක් දුන්න ලාල් කිව්වෙ ගෙදර වියදම බැලන්ස් කරන්නෙ අමරුවෙන්, වයිෆ්ගෙ පඩියයි, දුවගෙ ටියුෂන් වියදම් වගේ ඒවත් කිව්ව. අමාරුවෙන් ජීවිතේ ගැටගහගෙන ඉන්න සීන් එකක් තමා කිව්වෙ එදා. 2019දි ලාල්, තඹුත්තේගම අනුරගෙ ජනාධිපතිවරණ රැස්වීම දවසෙ කිව්ව - අත දික්කරල පෙන්නල - අර ඉස්සරහ ගෙදර අක්ක තමා මේ ටීෂර්ට් එක අරන් දුන්නනෙ අද, මොකද මම ඇදන් ආපු එක අප්සට් කියල. අපි එහෙමයි ජීවත් වෙන්නෙ කිව්ව."