අහංගම මුහුදු වෙරළේ උණුසුම් තත්ත්වයක් - පොලීසිය සහ විශේෂ කාර්ය බළකායත් එයි

Report

අහංගම කබලාන මුහුදු වෙරළේ විදේශිකයන් වෙනුවෙන් තාවකාලිකව ඉදි කර ඇති ඇඳ සහිත කුඩා කුටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද ( 13 ) දින ඉවත් කිරීමේදී එම තාවකාලික ඉදිකිරීම්වල අයිතිකරුවන් බලවත් විරෝධය පළ කිරීම හේතුවෙන් එහි දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම කුටි දෙසීයක් පමණ කඩා ඉවත් කරන විට එම කුටිවල අයිතිකරුවන් නිලධාරීන්ට කෑකෝ ගසමින් විරෝධය පළ කළ බව වාර්තා වේ. එමෙන්ම ඔවුන්ගේ බිරින්දැවරුන් සහ දෙමාපියෝද දෙස් දෙවොල් තබමින් හඩා වැළපෙන අයුරු දක්නට ලැබුණු බව වාර්තා වේ.

තමන්ගේ කුටි කඩා ඉවත් කරන්නේනම් ඒ අසල අනවසරයෙන් ඉදිකර ඇති සංචාරක හෝටලයද කඩා දමන මෙන් මෙහිදී විරෝධතාකරුවෝ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

20 වෙනිදා කොළඹට මහ සෙනඟක් - හේතුව මෙන්න

20 වෙනිදා කොළඹට මහ සෙනඟක් - හේතුව මෙන්න

එහිදී පොඩි මිනිහට එක නීතියකුත් ලොකු මිනිහට එක නීතියකුත් ඇයිදැයි කියමින් ඔවුන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විශාල විරෝධයක් දක්වා ඇත.

එම අවස්ථාවේ විරෝධතාකරුවෝ එම සංචාරක හෝටලය ඉදිරියට ගොස් කෑකෝ ගසමින් විරෝධය පළ කර ඇත.

එහෙත් එම අවස්ථාවේදී පොලීසිය සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එක්ව විරෝධතාකරුවන් සන්සුන් කොට එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එමෙන්ම මෙම ඉදිකිරීම් කඩා ඉවත් කරන විට විදේශිකයන් කීප දෙනෙක්ද පැමිණ විරෝධය පළ කළ බව වාර්තා වේ.

අනතුරුව කඩා ඉවත් කළ කුටිවල දැව දඬු ටැක්ටරයක පටවා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම්ව තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් ඊට විරුද්ධවු අතර විරෝධතාවයේ යෙදී සිටි කාන්තාවන් කීප දෙනෙක් ට්‍රැක්ටර් රථයට නැග පටවා තිබු කුටිවල දැවදඬු ඉවතට ඇද දමා ඇත.

කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීයෙකුගෙන් ඒ සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු ස්හඬ්තාඳ්ටහන් කර ඇත්තේ හිරිහැරවන පරිදි වෙරළ මත තනා ඇති ඉදිකිරීම් ඉවත් කරන බවයි.

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම්දීමක් - 14 වෙනිදා රාත්‍රී 7 සිට

පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම්දීමක් - 14 වෙනිදා රාත්‍රී 7 සිට

අනතුරුව පොලීසිය මැදිහත්වී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමට විරෝධතාකරුවන් විසි දෙනෙකුට අහංගම පොලීසියට එන මෙන් දැනුම් දී ඇත.

එහිදී විරෝධතාකරුවන් විසි දෙනෙක් අහංගම පොලීසිය වෙත ගොස් තිබුණා.

මේ අතර අහංගම ගාල්ල හබරාදුව රත්ගම පෝද්දල සහ වඳුරඹ යන පොලිස් ස්ථානවල නිලධාරීන් පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙහි ආරක්ෂාවට යොදවා තිබුණු බව සඳහන්.

වාලච්චේනේ ලොකු කලබලයක්.. කෙනෙක් මරුට - තුනක් රෝහලේ

වාලච්චේනේ ලොකු කලබලයක්.. කෙනෙක් මරුට - තුනක් රෝහලේ

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර