පොලීසියෙන් මේ අයට විශේෂ දැනුම්දීමක් - 14 වෙනිදා රාත්‍රී 7 සිට

Report

හොරණ පොලිස් වසමේ හොරණ රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන රයිගම්පුර නවම් මහ පෙරහර අති උත්කෂවත් අන්දමින් 2026.02.14 දින රාත්‍රී 07.00 ට ආරම්භ වී අළුයම 02.00 දක්වා විථි සංචාරය කිරීමට නියමිතයි.

ඒ අනුව මෙම පෙරහර මංගල්‍ය විථි සංචාරය කරන කාලය තුළ හොරණ නගරය හරහා රත්නපුර පානදුර ඒ 008 මාර්ගයේ විද්‍යාරත්න හන්දිය සිට පොලිසියට හැරෙන හන්දිය දක්වා මාර්ගය ගමනාගමනය සීමා කරන බව සඳහන්.

එබැවින් හොරණ අඟුරුවාතොට බී157 මාර්ගයේ හොරණ බෝගහ අසල සිට වතුරමළ හන්දිය දක්වා මීටර් 800 කොටසක්ද, හොරණ මොරගහහේන බී123 මාර්‌ගයේ විද්‍යාරත්න හන්දිය සිට අරමනාගොල්ල කාර්මික ජනපදය දක්වා කොටසේ කිලෝමීටර් 01 ක පමණ කොටසක් ගමනාගමනය සීමා කරන බව පවසයි.

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

දිවයිනටම පොලීසියෙන් විශේෂ නිවේදනයක් - ජංගම දුරකථනය නැති වුණොත්..

පොලීසිය විසින් ඉහත මාර්ගය භාවිතා කරන රථවාහන රියදුරන් හට ඇති විය හැකි අවහිරතාවය අවම කිරීම සඳහා පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස එම රියදුරන්ගෙන් ඉල්ලා සිටි‍යි.

ඒ අනුව විකල්ප මාර්ග ලෙස,

රත්නපුර දෙස සිට පැමිණ පානදුර දෙසට හා කොළඹ දෙසට ගමන් කරනු ලබන සියළුම බර වාහන සටි ගස් හන්දියෙන් දකුණට හරවා කල්ගහවිල මාර්ගයේ ධාවනය කර තල්ගහවිල හන්දියෙන් මොරගහහේන හන්දියට ගොස් මොරගහහේන හන්දියෙන් වමට හරවා හොරගස් හන්දියට පැමිණ ඔලබොඩුව හන්දිය හරහා ගෝනපල හන්දියට ගමන් කල හැකිය.

රත්නපුර දෙස සිට පැමිණ අඟුරුවාතොට දෙසට ගමන් කරනු ලබන සියළුම සැහැල්ලු වාහන සහ බර වාහන හොරණ පොලිසිය හන්දියෙන් වමට හරවා හොරණ රෝහල හන්දියට පැමිණ අඟුරුවා කොට දෙසට ගමන් කල හැකිය.

20 වෙනිදා කොළඹට මහ සෙනඟක් - හේතුව මෙන්න

20 වෙනිදා කොළඹට මහ සෙනඟක් - හේතුව මෙන්න

රත්නපුර දෙස සිට පැමිණ පානදුර දෙසට හා කොළඹ දෙසට ගමන් කරන සියළුම සැහැල්ලු වාහන හොරණ පොලිසිය හන්දියෙන් වමට හරවා හොරණ දිස්ත්‍රික් මහ රෝහල අසල හන්දියට පැමිණ වතුරමල හන්දියෙන් ලබුගම හන්දිය දක්වා ධාවනය කර ලබුගම හන්දියෙන් දකුණට හරවා පොකුණු විට හන්දියට පැමිණ ගමන් කළ හැකිය.

රත්නපුර දෙස සිට පෙරහර නැරඹීමට පැමිණෙන සියළුම වාහන හොරණ පොලිසිය හන්දියෙන් වමට හරවා හොරණ දිස්ත්‍රික් මහ රෝහල හන්දියට පැමිණ වතුර මළ හන්දියෙන් ලබුගම මාර්ගයේ ගමන් කර ග්‍රේස්ලන්ඩ් වටරවුම් මාර්ගයේ සහ හෑගල්ල මාර්ගය ඔස්සේ හොරණ මහජන සතිපොල රථගාල දක්වාත් නගර සභා රථගාල දක්වා ගමන් කල හැකිය.

මොරගහහේන දෙස සිට පැමිණ පානදුර දෙසට ධාවනය කරනු ලබන සියළුම බර වාහන සහ සැහැල්ලු වාහන හොරගස් හන්දියෙන් දකුණට හරවා ඔලබොඩුව හන්දිය හරහා ගෝනපල හන්දිය දක්වා ගමන් කල හැකිය. මොරගහහේන දෙස සිට පෙරහර නැරඹීමට පැමිණෙන සියළුම වාහන අරමනා ගොල්ල, කාර්මාන්තපුර හන්දියෙන් දකුණට හරවා කොස් කොළ වත්තහන්දියට ධාවනය කර ගඒ දඬුගොඩ පල්ලිය අසලින් වමට හරවා හොරණ මහජන සතිපොළ රථගාල සහ නගර සභා රථගාල දක්වා ගමන් කල හැක.

පාසල් නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්

පාසල් නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්

අඟුරුවා කොට දෙස සිට පැමිණ පානදුර දෙසට ගමන් කරන සියළුම බර වාහන සහ සැහැල්ලු වාහන වතුරමල හන්දියෙන් වමට හරවා ලබුගම හන්දිය දක්වා ධාවනය කර ලබුගම හන්දියෙන් දකුණට හරවා පොකුණුවිට හන්දියට පැමිණ රත්නපුර -පානදුර මාර්ගයට පිවිස වම් පසට හරවා ධාවනය කල හැකිය.

අඟුරුවාතොට දෙස සිට පැමිණ රත්නපුර දෙසට ගමන් කරන සියළුම බර වාහන සහ සැහැල්ලු වාහන හොරණ දිස්ත්‍රික් මහ රෝහල හන්දියෙන් දකුණට හරවා පොලිසිය හන්දියට ගමන් කර රත්නපුර පානදුර මාර්ගයට පිවිස ගමන් කල හැකිය.

පානදුර දෙස සිට රත්නපුර දෙසට සහ අඟුරුවාතොට දෙසට ගමන් කරනු ලබන සියළුම සැහැල්ලු වාහන පොකුණුවිට හන්දියෙන් වැලිකල මාර්ගයට හරවා එම මාර්ගයේ ලබුගම හන්දිය දක්වා ගමන් කර ලබුගම හන්දියෙන් වමට හරවා වතුරමල හන්දිය දක්වා පැමිණ හොරණ දිස්ත්‍රික් මහ රෝහල හන්දියෙන් වමට හරවා හොරණ පොලිසිය හන්දිය දක්වා පැමිණ දකුණට ගමන් කල යුතුය. අඟුරුවාතොට දෙසට ධාවනය වන සියළුම වාහන එම මාර්ගයේ කෙලින්ම ධාවනය කල හැකිය.

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර