කිරි සප්පයෙක් දියේ ගිලී මැරුණට සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් අත්අඩංගුවට

Report

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙක් මිරිහාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 8 වන දින පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී තිබුණා.

එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන් හා පුහුණුකරුවෙකු යටතේ ඉහත හෝටලයේ පිහිනුම් කටයුතු සිදුකරමින් සිටියදී අඳාළ දරුවා දියේ ගිලී තිබෙනවා.

පසුව එම දරුවා කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව සිදුකළ විමර්ශනයේදී හෙළි විය.

කිරිසප්පයෙක් දියේ ගිලී මරුට

කිරිසප්පයෙක් දියේ ගිලී මරුට

ඊයේ (9) දින දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර තිබුණා. එහිදී කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව ක්‍රියාත්මක වී මෙම සිදුවීමට අදාළව පෙර පාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙකු, පෙර පාසල් සේවිකාවක් හා පිහිනුම් උපදේශකයින් දෙදෙනෙකු ඇතුළු 7 දෙනෙකු මිරිහාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.

ශ්‍රී ලංකාවේ දරුවන් ගැන භයානක හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවේ දරුවන් ගැන භයානක හෙළිදරව්වක්

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්

විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට මෙන්න සුබ ආරංචියක්