"2022 වගේ ආර්ථික අර්බුදයක් ආයෙත් මේ රටේ ඇති වෙන්නේ නෑ" - ජනපතිගෙන් මුළු රටටම දැඩි සහතිකයක්
2022 වසරේදී ඇති වූ ආර්ථික අර්බුදයට සමාන තත්ත්වයක් නැවත කිසිදා රට තුළ ඇති නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් පැනනගින වත්මන් ආර්ථික දුෂ්කරතා බාහිර අර්බුදයක් වුවද, එය සාර්ථකව කළමනාකරණය කිරීමට රජයට හැකියාව සහ ශක්තිය පවතින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනතාව විසින් රජයට ලබා දී ඇති ජනවරම ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම, දූෂණය මැඩපැවැත්වීම, නීතිය සියලු පුරවැසියන්ට සමානව ක්‍රියාත්මක කිරීම සහ දේශපාලන වරප්‍රසාද සීමා කිරීම යන අරමුණු මත පදනම් වී ඇති බවද ඔහු පෙන්වා දුන්නේය.
එම අරමුණු ඉටු කිරීම සඳහා රජය මේ වනවිට සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීමේ වගකීම වත්මන් රජය අසාර්ථක වුවහොත්, එය වෙනත් කිසිදු රජයකට සිදුකළ නොහැකි වනු ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලනඥයින් භුක්ති විඳින විශ්‍රාම වැටුප් ඇතුළු වරප්‍රසාද අහෝසි කරමින් ඔවුන් ජනතාවට සේවය කරන පිරිසක් බවට පත් කිරීම සඳහා රජය පියවර ගෙන ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගෙන් ලිපියක් - තමාව ධූරයෙන් ඉවත් කිරීම ගැන ගැටලුවක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අද (22) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමිනි.
1999 වසරේ ආරම්භ කර 2014 සිට නවතා දමා තිබූ එම ව්‍යාපෘතිය, වසර 24කට පසුව නැවත ආරම්භ කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාවගේ ඉල්ලීම් සහ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමේ අරමුණ ඇතිව බවද වාර්තා වේ.