ඇමරිකාවෙන් ලංකාවට සුපිරි තෑග්ගක් - බෙල් හෙලිකොප්ටර් 10ක් සහ යුද නැවක් පරිත්‍යාග කරයි
අද (22) අමාත්‍යාංශයේදී මෙරට සංචාරයක නිරත වන ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය සහකාර ලේකම් නිකෝල් චුලික් (Nicole Chulick) මහත්මිය සහ ඇමරිකානු තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරිනී ජේන් හොවෙල් (Jayne Howell) මහත්මිය උණුසුම් අයුරින් පිළිගත් බව සඳහන් වේ.
මෙහිදී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ශ්‍රීලංකාව සහ ඇමරිකාව අතර අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බවට ඇමරිකානු රජය විසින් ඇගයීමක් පළ කර තිබේ.
දෙරට අතර ආර්ථික, ආරක්ෂක සහ අනෙකුත් ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කරගත හැකි මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.
ඇමරිකානු රජය විසින් ශ්‍රී ලංකාවට බෙල් හෙලිකොප්ටර් හෙලිකොප්ටර් යානා 10ක් සහ සිව්වන වෙරළාරක්ෂක නෞකාව පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය කෘතඥතාවද පළ කර තිබේ.
එමෙන්ම ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සහ මැදපෙරදිග අර්බුදය හමුවේ මතුව ඇති අභියෝගවලට මුහුණදීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳවද ඇමරිකානු දූත පිරිස දැනුවත් කර ඇති බව සඳහන් වේ.
දැනට පවතින සහයෝගීතාව තවදුරටත් ඉදිරියට ගෙන යාම සහ නව ක්ෂේත්‍ර වෙත එය ව්‍යාප්ත කිරීම සඳහා දෙපාර්ශවයම එකඟතාව පළ කළ බවද වාර්තා වේ.