ජනපතිගෙන් මුළු ලංකාවටම සුබ ආරංචියක් - දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක්

Report

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හරහා දිවයින පුරා නව ඉන්ධන පිරවුම්හල් 75ක් විවෘත කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව - 2026 ඇමතු ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ පෞද්ගලික අංශය විසින් ඉන්ධන බෙදාහැරීම සීමා කරමින් අසීමිත ලාභ ලැබීමට උත්සාහ කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

තත්ත්වය අවදානම් - දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

තත්ත්වය අවදානම් - දිස්ත්‍රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

ඒ අනුව පෞද්ගලික ඉන්ධන පිරවුම්හල් පමණක් පවතින ප්‍රදේශ හඳුනාගෙන, එම ස්ථානවල මෙම නව සංස්ථා පිරවුම්හල් ඉදිකිරීම කඩිනම් කරන බවද හෙතෙම සඳහන් කළේය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව පසුගිය කාර්තුවේදී රුපියල් බිලියන 28ක ලාභයක් ලබා ඇති අතර එම ලාභය කැපකරමින් හෝ ජනතාවට සහනදායී ලෙස ඉන්ධන බෙදාහැරීමට සංස්ථාව එකඟ වී ඇති බවත්, කෙසේ වෙතත් පෞද්ගලික සමාගම් එවැනි ලාභයක් කැපකිරීමට සූදානම් නොමැති බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

පවතින කාගුණික තත්ත්වය මත මුහුදු කලාපයේ වෙනසක් - මුහුද රළු වන බවට පූර්ව දැනුම්දීමක්

පවතින කාගුණික තත්ත්වය මත මුහුදු කලාපයේ වෙනසක් - මුහුද රළු වන බවට පූර්ව දැනුම්දීමක්