පවතින කාගුණික තත්ත්වය මත මුහුදු කලාපයේ වෙනසක් - මුහුද රළු වන බවට පූර්ව දැනුම්දීමක්
මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (12) පස්වරු 5:00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (13) පෙරවරු 1:00 දක්වා වලංගු වේ. එම මුහුදු තීරයේ තද ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඒ සමඟම පැයට කිලෝමීටර 60-70 දක්වා වන තාවකාලික තද සුළං ඇති විය හැක.
මේ හේතුවෙන් අදාළ මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ වැඩි හැකියාවක් පවතී. එබැවින් මෙම මුහුදු ප්‍රදේශවල නිරත වන ධීවර සහ නාවික ප්‍රජාව වෙත අවධානයෙන් හා සපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.