තත්ත්වය අවදානම් - දිස්ත්රික්ක කිහිපයකට තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් දිස්ත්රික්ක කිහිපයක් සඳහා නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (12) පස්වරු 7:00 සිට හෙට (13) පස්වරු 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
අවවාද මට්ටම 2 - 'සැලකිලිමත් වන්න'(Amber - Alert)
පහත ප්රදේශවල පදිංචිකරුවන් නායයෑම් අවදානම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතුය.
හම්බන්තොට දිස්ත්රික්කය - වලස්මුල්ල සහ කටුවන කෑගල්ල දිස්ත්රික්කය - බුලත්කොහුපිටිය, මාවනැල්ල සහ රුවන්වැල්ල මාතර දිස්ත්රික්කය - පාස්ගොඩ, අතුරලිය සහ මුලටියන රත්නපුර දිස්ත්රික්කය - කොළොන්න
අවවාද මට්ටම 1 - 'විමසිලිමත් වන්න' (Yellow - Watch)
පහත ප්රදේශ සඳහා ප්රවේසම්කාරී නිරීක්ෂණ මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
බදුල්ල දිස්ත්රික්කය - ඇල්ල සහ පස්සර කොළඹ දිස්ත්රික්කය - පදුක්ක මහනුවර දිස්ත්රික්කය - තුම්පනේ සහ හතරලියද්ද කෑගල්ල දිස්ත්රික්කය - රඹුක්කන, දෙහිඕවිට, අරණායක, කෑගල්ල, යටියන්තොට සහ වරකාපොළ මාතලේ දිස්ත්රික්කය - අඹගංගා කෝරලය, මාතලේ සහ රත්තොට නුවරඑළිය දිස්ත්රික්කය - හඟුරන්කෙත රත්නපුර දිස්ත්රික්කය - කලවාන, අයගම, වැලිගෙපොළ, ඇහැළියගොඩ, රත්නපුර, ඉඹුල්පේ, නිවිතිගල සහ කුරුවිට
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම ප්රදේශවල කඳුකර ආශ්රිතව ජීවත් වන ජනතාව නායයෑම් අවදානම් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටී.