ITවලින් ඩොලර් බිලියන 5ක් උපයන අලුත්ම සැලැස්ම මෙන්න.

Anura Kumara Dissanayaka Technology Sri Lanka Presidential Election 2024
By Wayomi Sep 18, 2024 01:16 PM GMT
Wayomi

Wayomi

Report

තොරතුරු තාක්ෂණය මඟින් ආර්ථිකයට ඩොලර් බිලියන 5ක මුදලක් ඉපයීමේ ඉලක්කයක් තමා සතුව ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ,රුවන්වැල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.

මොකක්ද මේ වෙන්න යන්නේ? - එක්වරම ත්‍රිවිධ හමුදාව පොලිස් ස්ථානවලට කැඳවයි.


මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ පහක් ඇති කිරීමට ද පියවර ගන්නා බවයි ඔහු මෙහිදී අවධාරණය කරනු ලැබුවේ.

"අපි ආර්ථිකය හදන්න ඕනේ. ලොකු ඒවට කර ගහන්න ටිකක් කල් යයි. හැබැයි ක්ෂණිකව අපිට පුළුවන් සංචාරක කර්මාන්තය ලොකු පිබිඳීමක් ගන්න. ඒක අපි ලක්ෂ 40ක සංචාරකයෝ ගේන්න ඩොලර් බිලියන 08ක ආර්ථිකයක් හදන්න. ඊළඟට තොරතරු තාක්ෂණ කර්මාන්තය. දැන් තියෙන්නේ ඩොලර් බිලියන 1.2ක අපනයන ආර්ථිකයක් ඒක ඩොලර් බිලයන 05ක් දක්වා වැඩි කරන්න, මෘදුකාංග ඉංජිනේරුවන් ලක්ෂ 02ක් හදන්න ලංකාවේ. කාන්තාවෝ රට යන එක නතර වෙන්න ඕනේ.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්වයේ පිටවුණු ප්‍රශ්න තුනට ලකුණු ලැබෙන්නේ නෑ.- ප්‍රශ්න 37ට ලකුණු හැදෙන්නේ මෙහෙමයි. - විභාග කොමසාරිස්ගෙන් ප්‍රකාශයක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)

මෙවර ශිෂ්‍යත්ව විභාගය ලියූ දරුවන්ගේ දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුව වටලයි. - කැරලි මර්දනයත් කැඳවයි. (VIDEO)


අපි දියුණු මානව සම්පතක් පිටරට යැවීම සඳහා සැලසුම් හදන්න ඕනේ. ඊළඟට මේ පළාතේ තියෙන කුඩා තේවතු මේ තේවතුවලට ඉක්මනින් පිම්මක් ගන්න පුළුවන්, ගෝඨාභය රාජපක්ෂ මේක තැති කරලා දැම්මා. පොහොර නැති කරලා. ඊළඟට අපිට ඉක්මනින්ම ධීවර කර්මාන්තයට අත ගහන්න පුළුවන්. රට වගේ අටගුණයක මහ මුහුදක් තියෙනවා. අද බහුදින යාත්‍රා සියයට පනහක් වැල්ලේ ගොඩ ගහලා තියෙනවා. මේ ගාණට තෙල් ගහලා මේ ගාණට ආහාර අරගෙන දවස් 40ක් මුහුදේ ඉඳලා මාළු අල්ලගෙන එනකොට ලක්ෂ 05ක් 10ක් පාඩුයි. ඒ නිසා මොකද කරන්න ඕනේ ධීවරයන්ට සහනාධාර දීලා, ඒ බෝට්ටු ටික මුහුදට යවන්න සැලසුම හදන්න ඕනේ. මම ඔබට සහතියක් දෙන්නම් මේ රටේ ගොවි ජනතාව ලෑස්තිනම් අපේ රටට අවශ්‍ය ළූණු ටික හදන්න, එක ළූණු ගෙඩියක් පිටරටින් ගේන නැතුව නවත්තනවා. සංචාරක කර්මාන්තයට අවශ්‍ය හාල් විතරක් පිටරටින් ගේන්නේ. වෙන කිසි හාල් ඇටයක් අපි පිටරටින් ගෙන්නේ නැහැ."

ජාතික ජන බලවේගය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

ජාතික ජන බලවේගය ගැන හිටපු ජනපති මහින්ද රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්. - (VIDEO)

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

සමහරු බෑ කිවුවට පෞද්ගලික අංශ සේවකයන්ට හෙට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.