"අගමැති මෝදි අපිට ගෙනාවේ හොඳම ටොපියක්" - ජෝර්ජියා මෙලෝනි දාපු සුපිරි වීඩියෝව අන්තර්ජාලය උණුසුම් කරයි

Report

නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ ආර්ථික හා උපායමාර්ගික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යුරෝපීය රටවල් කිහිපයක් ඇතුළත් රාජ්‍ය සංචාරයක නිරතව සිටී.

එම සංචාරයේ අවසන් අදියර ලෙස ඔහු ඊයේ රෝමය වෙත ළඟා වූ අතර, ජෝර්ජියා මෙලෝනිගේ ආරාධනයෙන් මෙම සංචාරය සිදුවිය.

රෝමයට පැමිණි පසු අගමැති මෝදි සහ ඉතාලි අගමැතිවරිය අතර හමුවක් පැවැත්වුණු අතර, එහිදී මෝදි විසින් ඉන්දියාවෙන් රැගෙන ආ “මෙලෝඩි” නමැති චොකලට් පැකට්ටුවක් මෙලෝනි වෙත තෑගි කර තිබේ.

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට - වහාම ගුවන් තොටුපළවල් පරික්ෂාවට නියෝග - ලංකාවත් කැළඹෙයි

නායකයින් දෙදෙනාගේ නම් එකතු කරමින් “මෙලෝඩි” (Meloni + Modi) ලෙස සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වූ නාමය ඇසුරෙන් මෙම තෑග්ග සූදානම් කර ඇති බව වාර්තා වේ.

මෙම හමුවේ වීඩියෝවක් ජෝර්ජියා මෙලෝනි විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල බෙදාහැර ඇති අතර, එහිදී දෙදෙනා සිනාසෙමින් “අගමැති මෝදි අපට හොඳම ටොපියක් ගෙනාවා - මෙලෝඩි!” යැයි පවසන අයුරු දැක්වේ.

මෙම වීඩියෝව මේ වන විට අන්තර්ජාලයේ වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතින අතර, සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ විශාල අවධානයක් දිනාගෙන තිබේ.