අද මධ්‍යම රාත්‍රියේ සිට කිරි තේ මිල රු. 5කින් ඉහළට - මෙන්න විස්තරේ
අද (20) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිරි තේ එකක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.
මේ අතර ආනයනික කිරිපිටි මිල ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අද (20) තීරණය කරනු ලැබුවේය. ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 50 කින් සහ කිලෝවක පැකට්ටුවක මිල රුපියල් 125 කින් ඉහළ යනු ඇත.
ලංකාවේ තත්ත්වයත් නරක අතට හැරෙයි - භයානක රෝගයක් හිස ඔසවයි - දරුවන්ට ඇති දරුණු අවදානම ගැන සෞඛ්‍ය අංශයෙන් හෙළිදරව්වක්
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතුව වී තිබේ.
ඒ අනුව එම මිල ගණන් සහිත කිරි පිටි පැකට් තොග එළැඹෙන සතියේ වෙළදපළට පැමිණෙනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.