ඔය තුන්වෙනි පුටුවෙ ඉන්න ඇමතිවරයා හිරේ දාන්න...පාර්ලිමේන්තුව දෙවනක් කරමින් චමින්ද විගණන වාර්තාව දමලා අරී
අද(09) දින පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් ආන්දෝලාන්ත්මක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා.
එහිදී පාර්ලිමේන්තුවේදී බලශක්ති ඇමතිවරයා අඳාළ සමාගම ලියාපදිංචි සමාගමක් බවට කළ ප්‍රකාශයට ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කර ඇති 2025/2026 වාර්තාව අනුව කරුණු දක්වමින් කියා සිටියේ වාර්තාවට අනුව අඳාළ සමාගම ලියාපදිංචි වී නොමැති බවයි.
එසේම ප්‍රමාද වී අගෝස්තු 22 ලියාපදිංචිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කියා සිටියේ,
" විගණකාධිපතිවරයාට නිරීක්ෂණය වෙලා තියෙනවා මේ නිශ්චිත වෙලාවෙ නිශ්චිත දිනයේදී ඔබතුමා ලබා දුන්නු මේ සමාගම ලියාපදිංචි වෙලා නෑ කියලා. අපි දන්නෑ ඔබතුමා උදේ කියපු ප්‍රකාශයයි මේ විගණකාධිපතිවරයාගේ ප්‍රකාශයයි දෙකක්ද කියලා. ඒක නෙවේ බරපතළ කාරණය මේකේ ඊළඟට සඳහන් වෙනවා ප්‍රමාද වෙලා තමා ලියාපදිංචිය විද්‍යුත් තැපෑලෙන් එවල තියෙන්නෙ. ඒක එවනකොට අගෝස්තු විසි දෙක වෙලා තියෙනවා. ඒ වගේම ලියාපදිංචිය තහවුරු කරන්න තවත් සමාගම් ඉල්ලලා තියෙද්දි ඒකට අවස්ථාව ලබා දීලා නැහැ කියන කාරණය. ඒකෙන් තේරෙනවනේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා.......එකෙන් පැහැදිලිවම පේනවා මේ වංචාවක් තමන්ට ඕන තමන්ට ගැළපෙන මේ සමාගමටම මේක දෙන්න කටයුතු කරලා තියෙනවා. පොලිසිය භාර ඇමතිතුමා ඉන්නවා. ඔබතුමාටත් මේ 159 ටත් අවුරුද්දට රෙදි අරගෙන ගමට යන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි ඔය තුන්වෙනි පුටුවෙ ඉන්න මේ දැවැන්ත මහදවාලේ කරපු ඇමතිවරයා හිරේ දාන්න. මම අහන්නේ ඔබතුමාට පුළුවන්ද කියලා. එහෙම බෑ ඔබ හොරු අල්ලන්න ආපු උදවිය. හැබැයි මේ විගණකාධිපතිවරයා පෙන්නලා තියෙන මේ දැවැන්ත මූල්‍ය වංචාව දැන දැනත් ඒක පිරිසිදු කරනවා"
මෙම අදහස් දැක්වීමෙන් අනතුරුව නැවත බලශක්ති ඇමතිවරයා කරුණු දැක්වීමක් සිදු කර සිටියා.
එහිදී චමින්ද විජේසිරි මහතා නැවත ප්‍රශ්නෙකට පිළිතුරු විමසීමත් සමඟ පාර්ලිමේන්තුව මොහොතක් උණුසුම් විය.