ක්‍රිකට් වල අලුත් වෙනසක් - ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අලුත් පුහුණුකරුවන්
ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය (National High Performance Center) සඳහා නව වේග පන්දු පුහුණුකරුවෙකු හා පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරුවෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත්කර ඇති බව වාර්තා වේ.
වේග පන්දු පුහුණුකරු ලෙස රයන් වැන් නීකර්ක් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබේ .
ඔහු 2023 සිට 2026 දක්වා නෙදර්ලන්ත ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු සහ අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සේවය කර ඇත.
ඒ අනුව රයන් වැන් නීකර්ක්ට ජාතික පිරිමි කණ්ඩායම ඇතුළු සියලුම ජාතික කණ්ඩායම්වල වේගපන්දු යැවීමේ වගකීම ලබාදී ඇති බව වාර්තා වේ.
තවද ඔහු අප්‍රේල් 15 වනදා සිට වසර දෙකක කාලයක් සඳහා කටයුතු කරනු ඇත.
එමෙන්ම පන්දු රැකීමේ සහ දඟ පන්දු පුහුණුකරු ලෙස පත්කළ ජෝඩන් ග්‍රෙගරි, නෙදර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයෙකු ලෙස සේවය කර තිබේ ඔහු දෙවසරක කාලයකට සඳහායි පත්කර තිබෙන බව වාර්තා වේ.