බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස් වෙයි ද? අජිත් විවාදය පටන් ගන්නකොටම කුමාරව හිර කරයි

Report

ජනවරමට ගරු කරනවා නම් බලශක්ති අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත් ඔහු වෙනුවෙන් ආණ්ඩුව පෙනී නොසිටිය යුතු බවත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කළේ අද(10) පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අඳාළ විවාදය ආරම්භ කරමින්.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග විවාදය අද

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා,

"මේ රටේ ජනවාරමට ගරු කරනවා නම් මේ ආණ්ඩුවේ ඉන්න එකසිය පනස් නම දෙනාටම මේ වංචාව වෙනුවෙන් පෙනී ඉන්න බැහැ.විගණකාධිපති වාර්තාවෙන් කියලත් කියනවා ටෙන්ඩරය ලබා දීපු හැටි වැරදියි කියලා. එතකොට තෝරා ටෙන්ඩරය වැරදියි ඊට අදාල කරුණු කාරණත් වැරදියි. මේ පිළිබඳව අපි පාර්ලිමේන්තුවේදී මුලින්ම ප්‍රශ්න කරනකොටත් සමාජයේ මේ ගැන කතාබහක් ඇතිවෙනකොටත් ඇමතිවරයාවත් ආණ්ඩුවවත් ඒකට ඇහුම්කන් දුන්නේ නෑ. ඔවුන් නිතරම කිව්වේ ඔවුන් කරපු දේ නිවැරදියි කියලා කියලා. අද වනවිට හැම වාර්තාවකින්ම පෙන්නුම් කරනවා මේ වංචාව සිදු වෙලා කියලා"

නොරොච්චෝලේ ඉතිහාසයේ විශාල කළු පැල්ලම ගැන චානක කට අරී - ඉදිරියේ විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවක්

නොරොච්චෝලේ ඉතිහාසයේ විශාල කළු පැල්ලම ගැන චානක කට අරී - ඉදිරියේ විශාල විදුලි කප්පාදුවකට යෑමේ හැකියාවක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට සජබෙන් විරෝධතාවක්

පාර්ලිමේන්තුව ඉදිරිපිට සජබෙන් විරෝධතාවක්