නවසීලන්තයේ බලාපොරොත්තු කඩ වෙයිද? තීරණාත්මක සටනින් එංගලන්තයට 160ක ඉලක්කයක්

Report

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ අද (27) දින පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස්කිරීමට සමත්ව ඇත.

ඒ අනුව පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගයේදී නවසීලන්ත ඉනිම ඔසවා තැබූ ග්ලෙන් පිලිප්ස් (39), ටිම් සයිෆර්ට් (35) පිත්තෙන් දක්ෂතා දැක්වූ අතර එංගලන්තය වෙනුවෙන් ආදිල් රශීඩ් (2/28), විල් ජැක්ස් (2/23) හා රෙහාන් අහ්මඩ් (2/28) පන්දුයැවීමෙන් දක්ෂතා පෙන්වීය.

දිනුවත් ඉන්දියාවේ බලාපොරොත්තු සුන් - බෙනට්ගේ සුපිරි ඉනිමෙන් සිම්බාබ්වේ අවසන් වෙනකල් ගහපු ගේම

දිනුවත් ඉන්දියාවේ බලාපොරොත්තු සුන් - බෙනට්ගේ සුපිරි ඉනිමෙන් සිම්බාබ්වේ අවසන් වෙනකල් ගහපු ගේම

කෙසේ වෙතත් නවසීලන්තයට අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු තබාගැනීමට මෙම තරගයේ ජය සුවිශේෂී වෙයි.

එසේම එංගලන්තය දැනටමත් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන්ට ද ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ රැක ගැනීමට මෙම තරගයේ ජය වැදගත් තැනක් ගනී.

මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් - බිඳුණු බලාපොරොත්තු මැද ලසිත් මාලිංග කළ සංවේදී ඉල්ලීම

මගේ රටට තවත් ලෝක කුසලානයක් දිනන්න පුලුවන් - බිඳුණු බලාපොරොත්තු මැද ලසිත් මාලිංග කළ සංවේදී ඉල්ලීම

සුපිරි නළු විජේගෙන් බිරිඳ දික්කසාදය ඉල්ලයි - ලොවම කැළඹූ හේතුව මෙන්න

සුපිරි නළු විජේගෙන් බිරිඳ දික්කසාදය ඉල්ලයි - ලොවම කැළඹූ හේතුව මෙන්න