උත්සව සමයේ ආරක්ෂාවට පොලිසියෙන් 8,000 ක් යොදවයි
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසිය විසින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.
මෙම ආරක්ෂක කටයුතු සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් 8,000 කට අධික පිරිසක් යොදවා ඇති අතර, විශේෂයෙන්ම ජනතාව බහුලව ගැවසෙන බස්නාහිර පළාත තුළ පමණක් පොලිස් නිලධාරීන් 2,500 ක් රාජකාරි සඳහා අනුයුක්ත කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ආරක්ෂක කටයුතුවලට අමතරව, උත්සව සමයේ සිදුවන රිය අනතුරු අවම කරගැනීම සඳහා මාර්ග නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ද පොලිසිය විසින් ආරම්භ කර ඇත.
විශේෂයෙන්ම බීමත්ව රිය පදවන පුද්ගලයින් සහ අධික වේගයෙන් රිය පදවන පිරිස් හඳුනාගැනීමට දිවයින පුරා මාර්ග බාධක සහ ජංගම මුර සංචාර දැඩි කර තිබේ.
ජනතාවට සාමකාමීව අවුරුදු සැමරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම සමස්ත වැඩපිළිවෙලෙහි මූලික අරමුණ බව පොලිසිය වැඩිදුරටත් අවධාරණය කරයි.