බස් ගාස්තු වැඩිපුර අය කරනවා නම් පැමිණිලි කරන්න නව අංකයක්

Report

අලුත් අවුරුදු උත්සව සමයේ මගී ජනතාව සූරාකෑමට ලක්කරමින් නියමිත ගමන් ගාස්තුව ඉක්මවා මුදල් අයකරන බස් රථ සම්බන්ධයෙන් '1955' ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ධාවන) ශෙරීන් අතුකෝරළ මහත්මිය අවධාරණය කළේ, උත්සව සමයේ අවසර පත්‍ර නොමැතිව ධාවනය වන බස් රථ මගීන්ගෙන් අධික ලෙස මුදල් අය කිරීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි.

මෙන්න ගෑස් ප්‍රශ්ණේ විසදුනා - ගෑස් නැව ගැන වරාය අධිකාරියෙන් දැනුම්දීමක්

මෙන්න ගෑස් ප්‍රශ්ණේ විසදුනා - ගෑස් නැව ගැන වරාය අධිකාරියෙන් දැනුම්දීමක්

එම වැටලීම්වල ප්‍රගතිය පිළිබඳව අදහස් දැක්වූ ඇය, බලපත්‍ර රහිතව කොළඹින් ගමන් ආරම්භ කිරීමට සූදානම් වූ බස් රථ 7ක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බවත්, එම බස් රථ එසැණින් අධිකරණයට යොමුකර නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත් සඳහන් කළාය.

මගී ජනතාවට සිදුවන පීඩාවන් අවම කිරීම සඳහා මෙවැනි වැටලීම් සහ පරීක්ෂාවන් අඛණ්ඩව සිදුකරන බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව වැඩිදුරටත් දැනුම් දෙයි.

හෙට සවස 1න් පසු රටේ තත්ත්වය ගැන කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක්

හෙට සවස 1න් පසු රටේ තත්ත්වය ගැන කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම්දීමක්