හෙටත් පළාත් රැසකට දැනෙන උණුසුමක්
උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලත් හෙට (13) මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීය.
අද (අප්‍රේල් 12) පස්වරු 3.30ට නිකුත් කළ නිවේදනයකින් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය ඉහළ යන බවයි.