වහාම ක්‍රියාත්මක වන පරිදි රජය මගින් අති විශේෂ ගැසට් එකක් - සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නව බන්ධනාගාරයක්
ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ "මහමෝදර" නමින් නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම නව බන්ධනාගාරය පිහිටුවීම සිදුකර ඇත්තේ (54 වන අධිකාරය වූ) බන්ධනාගාර ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ අමාත්‍යවරයා වෙත පැවරී ඇති නෛතික බලතල ප්‍රකාරවය.
හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්
අදාළ ගැසට් නිවේදනයට අනුව, මහමෝදර ප්‍රදේශයේ අලුතින් ස්ථාපිත කෙරෙන මෙම බන්ධනාගාරයේ නිල බලප්‍රදේශය සමස්ත ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි නියම කර ඇති බව ද විෂයභාර අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම පියවර හරහා බන්ධනාගාර පද්ධතියේ පවතින අධික තදබදයට ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.