වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කළ තෙල් මිල 3%කින් ඉහලට - නව අගයන් මෙන්න

Report

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් එල්ල කරන ලද දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති දැඩි යුධමය නොසන්සුන්තාවය හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම 3%කින් පමණ ඉහළ ගොස් තිබේ.

සැපයුම් ජාලයන්ට එල්ල විය හැකි බාධා පිළිබඳව ඇති වූ බියත් සමඟ ගෝලීය තෙල් මිල මෙලෙස සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

හැකි ඉක්මනින් සන්නද්ධ හමුදාව කැඳවන්න ජනපතිගෙන් අති විශේෂ ආඥාවක් - කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

ඒ අනුව අද උදෑසන 6.15 වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.04ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 2.27ක මිල වර්ධනයකි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 75.78ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ සියයට 2.18ක වැඩිවීමක් සනිටුහන් කරමිනි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 68.97ක් ලෙස දැක්වෙන අතර එය සියයට 3.43ක කැපී පෙනෙන ඉහළ යාමක් ලෙස වාර්තා වේ.

සා.පෙළ ලියු සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - වහාම අයදුම් කරන්න අද 12න් අවසන්

සා.පෙළ ලියු සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක් - වහාම අයදුම් කරන්න අද 12න් අවසන්

ආර්ථික විශ්ලේෂකයන් පවසන්නේ ඉදිරි දින කිහිපය තුළ මැදපෙරදිග කලාපයේ පවතින දේශපාලනික සහ මිලිටරි ස්ථාවරත්වය මත බොරතෙල් මිල තවදුරටත් උච්චාවචනය විය හැකි බවයි.