අද 2න් පස්සේ මේ අයට ගිගුරුම් සහිත වැසි - අප්‍රේල් 15 වෙනකල් සූර්යයාගේ පිහිටීම ගැනත් දන්වයි

Report

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතෙත් පුත්තලම සහ යාපනය දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව සඳහන්.

එසේම මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද අඳාළ නිවේදනයේ දැක්වේ.

විද්‍යාපීඨ යන අයට සතුටුදායක ආරංචියක් - සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට කරන්න යන්නේ මේකයි

විද්‍යාපීඨ යන අයට සතුටුදායක ආරංචියක් - සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට කරන්න යන්නේ මේකයි

එබැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊට අමතරව දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහළින් පවතින බවත් අද (06) දින දහවල් 12:13 ට බේරුවල, ගුරුළුබැද්ද, රක්වාන, ගොඩකවෙල, උඩවලව සහ තණමල්විල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බවත් සඳහන්.

කොළඹට විශේෂ දැනුම්දීමක් - හෙට සිට වතුර කපන කාලය මේ විදිහට වෙනස් වෙයි

කොළඹට විශේෂ දැනුම්දීමක් - හෙට සිට වතුර කපන කාලය මේ විදිහට වෙනස් වෙයි

හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා

හොය හොය කන අලවල මෙහෙම තිබ්බොත් කන්න තියා හිතන්නවත් එපා

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට - නව මිල මෙන්න