බලාපොරිත්තුව සුන් වෙයි - යුද ගිනි මැද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලත් යළි ඉහළට

Report

අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මැදපෙරදිග අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරන බවට ඉරාන හමුදා විසින් සිදුකර ඇති අනතුරු ඇගවීම් හමුවේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව විදෙස් වාර්තාවල සඳහන් වූයේ බොරතෙල් මිල නැවත 3%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙන බවයි.

එසේම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.75%කින් ඉහළ ගොස් ඩොලර් 97.8ක් වශයෙන් සටහන්ව ඇති බව වාර්තා වේ.

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

තෙල් වෙළඳපොළේ අවදානම පහව නොයයි - ඉන්ධන මිල ඉහළ දමමින් ඉරාන බද්දක්

අමෙරිකාව සහ ඉරානය සාකච්ඡා වෙනුවෙන් යොමුවීමේ සූදානමක පසුවූ අවස්ථාවක මෙසේ නැවත දෙපාර්ශවය අතර ගැටුම්කාරී වාතාවරණයක් හටගෙන තිබෙන අතර අමෙරිකාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් අද අලුයම් කාලයේ ගල්ෆ් කලාපයේ පිහිටි අමෙරිකාවේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසා ඇත.

කෙසේ වෙතත් ඉරානය විසින් කුමන රටක පිහිටි අමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළේ ද යන්න නිශ්චිතව දක්වා නොමැත.

එහෙත් කුවේට් ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ ඉරානයෙන් එල්ල වූ ප්‍රහාර කිහිපයක් වැළැක්වීමට කටයුතු කළ බවයි. 

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

ඩීසල් ලීටරය රු. 600ක් දක්වා මිල වැඩි කිරීමක්? පෙට්‍රල් මිලත් ඉහළ දැමිය යුතු බවට යෝජනා

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර

සාමය දෙපිටින් යයි - යුද ගිනි අවුලවමින් ඉරානයේ හමුදා කඳවුරකට අමෙරිකාවෙන් යළිත් ප්‍රහාර