ප්‍රබල අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර, එය අද (05) රාත්‍රී 11:00 දක්වා වලංගු වන බව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද වාර්තා වේ.
අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.