ලෝක වෙළඳපොළ දැඩි කැළඹීමක - ගෝලීය කොටස් බිමටම වැටෙද්දි බොරතෙල් මිලයි ඇමරිකානු ඩොලරයයි අහස උසට

Report

ඉරානය සමඟ පවතින ගැටුම්කාරී තත්ත්වය අවසන් වන කාලවකවානුව සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළ දැඩි කැළඹීමකට ලක්ව ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමඟ ආයෝජකයින් තුළ පැවති විශ්වාසය බිඳවැටීම නිසා ගෝලීය කොටස් වෙළඳපොළවල් පහත වැටුණු අතර, බොරතෙල් මිල සහ ඇමරිකානු ඩොලරයේ අගය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් ජාතිය ඇමතූ ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ඉදිරි සති කිහිපය තුළ ඉරානයට "ඉතා දරුණු ලෙස" පහර දෙන බවයි.

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

ලොවම බලා සිටින මොහොතක් - ඉරාන යුද්දයෙන් පසු පළමු වරට ට්‍රම්ප් ජාතිය අමතයි

එමෙන්ම සිය හමුදා ඉලක්ක බොහෝ දුරට ජයගෙන ඇති බවත් යුද්ධය අවසන් වීමට ආසන්න බවත් ඔහු කියා සිටි අතර යුද්ධය නිමාවන නිශ්චිත දිනයක් ප්‍රකාශ කිරීමට ඔහු අපොහොසත් වී තිබුණා.

ඒ අනුව සිංගප්පූරුවේ 'Pictet Asset Management' ආයතනය සඳහන් කර ඇත්තේ, "මෙම කතාව හරහා යුද්ධය අවසන් වන කාලය පිළිබඳව කිසිදු පැහැදිලි බවක් ලැබුණේ නැහැ. වෙළඳපොළ බලාපොරොත්තු වූයේ එයයි," යනුවෙන්.

කෙසේ වෙතත් තවත් සති කිහිපයක යුද ක්‍රියාමාර්ග පවතින බවටත්, යටිතල පහසුකම්වලට පහර දෙන බවටත් කළ ප්‍රකාශ හමුවේ වෙළඳපොළ යළිත් පසුබෑමකට ලක්ව ඇති බව සඳහන්.

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

මාසේ පටන් ගද්දිම අහස උසට නැග්ග රත්තරන් - ලෝක වෙළෙඳපොළේ රන් මිල ගිනි ගණන් වෙයි

ගාල්ලේ ලොකු ප්‍රශ්නයක් විගණන වාර්තාවකින් එළිවෙයි - මේ නිලධාරීන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතික සනාථ කරන්න බෑ

ගාල්ලේ ලොකු ප්‍රශ්නයක් විගණන වාර්තාවකින් එළිවෙයි - මේ නිලධාරීන්ගේ සාමාන්‍ය පෙළ විභාග සහතික සනාථ කරන්න බෑ