මෙච්චර මුදලක් - ලංකා ඉතිහාසයේ වැඩිම ලොතරැයි ජයග්‍රහණය හිමි කරගත් වාසනාවන්තයා - අලෙවි නියෝජිතයටත් තෑගි

Report

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ "කප්රුක" ලොතරැයියෙන් මෙරට ලොතරැයි ඉතිහාසයේ වැඩිම ත්‍යාග මුදල වන රුපියල් 629,855,919.60ක (හැට දෙකෝටි අනූඅට ලක්ෂ පනස්පන්දහස් නවසිය දහනවයයි ශත හැටක) මුදල දිනුම්ලාභියා වෙත ඊයේ (10) දින නිල වශයෙන් එම මුදල ප්‍රදානය කර ඇත.

සංවර්ධන ලොතරැයි මණ්ඩල ශ්‍රවණාගාරයේදී මෙම ත්‍යාග මුදල ප්‍රදානය කිරීම සිදු වූ අතර ලොතරැයි පත අලෙවි කළ නියෝජිත මහතාටද මෙහිදී ඇගැයීම් සහ දිරිගැන්වීම් ත්‍යාග පිරිනමා තිබුණා.

අප්‍රේල් 10 ඔබේ ලග්නයට සුබ අසුබ සියල්ල දැනගන්න - අද ලග්න පලාපල ව්ස්තරේ මෙන්න

අප්‍රේල් 10 ඔබේ ලග්නයට සුබ අසුබ සියල්ල දැනගන්න - අද ලග්න පලාපල ව්ස්තරේ මෙන්න

එසේම සංවර්ධන ලොතරැයි පත්වලින් දිවයිනේ එක් එක් දිස්ත්‍රික්කවලින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු විසි ලක්ෂපතියන් හා දස ලක්ෂපතියන් සඳහා චෙක්පත් ප්‍රදානය කිරීමත් මෙහිදී සිදුව තිබෙනවා.

මේ අවස්ථාවට වෙළෙඳ අලෙවි හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ ප්‍රධාන විධායක නිළධාරි නීතිඥ හේමන්ත ස්වර්ණතිලක , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂක චානක්‍ය ලියනගේ , ලලිත් ඇතුලත්මුදලි මහපොළ ශිෂ්‍යත්ව භාර අරමුදලෙහි අධ්‍යක්ෂ ඩී.ආර්.සී. ජයවර්ධන, ජාතික සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ සභාපති කෝසල විල්බාව මහත්වරුන් එක්ව ඇත.

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

ප්‍රධාන පෙළේ බැංකුවකදී උකස් ගත් රන් භාණ්ඩවලට වෙලා තියෙන දේ - අත්අඩංගුවට

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්

සුබ ආරංචියක් මේ අයට රජයෙන් රුපියක් 5000ක සහනාධාරයක්