මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ දසුන් කනස්සල්ලෙන්
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් ලැබෙන සෘණාත්මක ප්‍රතිචාර ක්‍රීඩකයන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් එල්ල කරන බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කර තිබේ.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ (25) නවසීලන්තයත් සමඟ පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුව අතමිනි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තීරණාත්මක තරගයේ නවසීලන්තය ලබාදුන් ලකුණු 169ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී කඩුලු 8ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 107ක් පමණි.
ඒ අනුව ලකුණු 62ක පරාජක් ශ්‍රී ලංකාවට හිමි විය.
මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ නායක දසුන් ශානක,
මාධ්‍යවේදියා - දසුන් ඔයගොල්ලෝ සෙල්ලං කරපු පිච් එක ගැන මොකද හිතන්නේ ?
දසුන් ශානක - මැච් එකට කලින් හිතුවේ ගොඩක් හොඳවෙයි කියලා. අපි හිතුවේ නැහැ මෙච්චර දඟකැවීමක් තියෙයි කියලා.
මාධ්‍යවේදියා - මැච් එකක් තියෙද්දි ලෝක කුසලානයෙන් ලංකාව එළියට විසික් වුණා.
ප්‍රේක්ෂකයන්ට මොකක්ද කියන්න තියෙන්නේ.
දසුන් ශානක - මැච් එකක් තියෙනවා. හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ඉන්න හොඳම බැට්ස්මන්ලා ටික තමයි මෙතන ඉන්නේ.
මාධ්‍යවේදියා - ශ්‍රී ලංකා කණ්ඩායමේ ශාරීරික සහ මානසික යෝග්‍යතාව ජාත්‍යන්තර මට්ටමේ තියෙනවාද ?
දසුන් ශානක -
මම හිතන්නේ නැහැ උපරිමයෙන් තියෙනවා කියලා. ගොඩක් වෙලාවට අපිට අහන්න දකින්න ලැබෙන්නේ නෙගටිව් දේවල්. ක්‍රීඩකයෝ විදියට අපි පොසිටිව් හිටියත් එළියෙන් ක්‍රියේට් කරලා තියෙනවා නෙගටිව් පරිසරයක්. ඒක හරි පාඩුවක් ලංකාවේ ක්‍රිකට්වලට. මං හිතන්නේ නැහැ මේකත් රැකගන්න පුළුවන් කියලා. මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ. ඒ දේවල් ගවර්මන්ට් එකෙන් හරි නැවැත්තුවොත් මානසික සුවයට ඒක පහසුවක් වෙයි.