ලෝක කුසලානේ බලාපොරොත්තු සුන් වීමත් සමඟ ක්‍රීඩා ලෝලීන් දැඩි විරෝධයක - ශම්මි සිල්වා ඉල්ලා අස් වෙයිද?

Report

අයි.සී.සී. විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේදී නවසීලන්තය හමුවේ ලැබූ දරුණු පරාජයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවතට විසි විය.

ඒ අනුව මෙම පසුබෑමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාට වහාම ඉල්ලා අස්වන මෙන් බලකරමින් ක්‍රීඩා ලෝලීන්ගෙන් දැඩි විරෝධයක් මතුවෙමින් ඇති බව වාර්තා වේ.

මව්බිමේදීම ලෝක කුසලානය දිනාගැනීමේ අරමුණින් පිටියට පිවිසි ශ්‍රී ලංකාවට නවසීලන්තය හමුවේ ලකුණු 61ක දැවැන්ත පරාජයක් අත්වූයේ ඊයේ දින පැවති තරගයෙනි.

ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 169ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවන් නවසීලන්ත දඟපන්දු යවන්නන් හමුවේ අසරණ වෙමින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 107ක් පමණක් වීම තරගය නැරඹීමට පැමිණි ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම මෙරට සමස්ත ක්‍රිකට් රසිකයන්ගේ බලාපොරොත්තු බිඳ දමන්නක් විය.

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ

ඊයේ මැච් එක ගැන සංගා කට අරී - ගොඩක් රිදුණා කලකිරුණා තරහා ගියා එකම දේ කර කර ඉන්න බෑ

සිම්බාබ්වේ සහ එංගලන්තය හමුවේ ලැබූ පරාජයන්ගෙන් අනතුරුව අඛණ්ඩව ලැබූ මෙම තෙවන පරාජයත් සමඟ, මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු අහිමි වූ පළමු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා.

ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ විරෝධතාවයක් දියත් කර ඇති රසිකයින්, දිගින් දිගටම සිදුවන පරාජයන් හමුවේ වගකීම භාරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙසත්, කණ්ඩායමට නවක ක්‍රීඩකයින් කැඳවන ලෙසත් බලකර සිටියි.

එමෙන්ම පරාජයන් මධ්‍යයේ වුවද තනතුරු අත්නොහරින නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට අවදිව ඇති මෙම හඬ මේ වන විට ප්‍රබල වෙමින් පවතියි.

මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ දසුන් කනස්සල්ලෙන්

මැච් එක ඉවර වෙලා කීදෙනෙක් මයික් අල්ලන් ඉන්නවාද ? ඇයි නෙගටිවිටි එක මෙච්චර පතුරවන්නේ දසුන් කනස්සල්ලෙන්

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් - නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්

ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන් - නවසීලන්තය හමුවේ දැවැන්ත පරාජයක්