නව හාම්පුතා එනතෙක් මඟ බලා සිටින ලැරී..

United Kingdom England World UK General Election 2024
By Piyumika Jun 27, 2024 10:45 AM GMT
Piyumika

Piyumika

Report

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරු 5 ක් සමඟ වාසය කිරීමට වාසනාවන්ත වූ ලැරී, 6 වැනි අග්‍රාමාත්‍යවරයා පැමිණෙන තෙක් අග්‍රාමාත්‍ය නිල නිවසට වී බලා සිටින බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

උෂ්ණත්වය සමග මරණ සංඛ්‍යාවද ඉහළට ..

උෂ්ණත්වය සමග මරණ සංඛ්‍යාවද ඉහළට ..

දේශපාලන කැලඹීම වලින් පිරි වසර 14 ක එක්සත් රාජධානි ඉතිහාසයේ ස්ථාවර එකම චරිතය ලැරී බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පෙන්වා පෙන්වා දී තිබේ.2007 වසරේ ජනවාරි 13 වැනිදා ලැරී උපත ලබා තිබේ.

ලැබෙන ජනමත විමසුම් ප්‍රතිඵල නිවැරදි නම් ප්‍රථම වතාවට කම්කරු පාක්ෂික අග්‍රාමාත්‍යවරයකු සමඟ වාසය කිරීමට ලැරීට හැකියාව ලැබෙනු ඇති බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේ.මෙතෙක් ලැරීගේ හාම්පුතුන් වූ සියලුම අග්‍රාමාත්‍යවරුන් කන්සර්වටිව් පක්ෂය නියෝජනය කළ අපේක්ෂයන්ය.

බිළිදියකට මරණය ගෙනා මව්කිරි ..

බිළිදියකට මරණය ගෙනා මව්කිරි ..

රිෂි සුනාක් අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යෑමත් සමග ඔහුගේ සුරතලාවූ ලැබ්‍රඩොර් රිට්‍රීවර් වර්ගයට අයත් නෝවාද අග්‍රාමාත්‍ය නිල නිවසෙන් නික්ම යනු ඇති බවත් ලැරී ඒ පිළිබඳ සතුටට පත්වනු ඇති බවයි එරට මාධ්‍ය ප්‍රකාශ කළේය.

නුවරඑළිය බස් නැවතුම්පොළේ මියගිය පුද්ගල මළ සිරුරක්..

නුවරඑළිය බස් නැවතුම්පොළේ මියගිය පුද්ගල මළ සිරුරක්..

17 වැනි වියේ පසුවන ලැරී 6 වැනි අග්‍රාමාත්‍යවරයා සමගද දීර්ඝ කාලයක් ජීවත්වීමට වාසනාවන්ත වනු ඇතැයි සියල්ලොගේම බලාපොරොත්තුව බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැවැසුවේය.

නව හාම්පුතා එනතෙක් මඟ බලා සිටින ලැරී.. | Larry Is Waiting For The 6Th Prime Minister

නව හාම්පුතා එනතෙක් මඟ බලා සිටින ලැරී.. | Larry Is Waiting For The 6Th Prime Minister