නුවරඑළිය බස් නැවතුම්පොළේ මියගිය පුද්ගල මළ සිරුරක්..
By Piyumika
නුවරඑළිය බස් නැවතුම්පොළේ පොදු වැසිකිළිය තුළ තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවී තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ (26) සවස් කාලයේ දී වැසිකිළිය තුළ පුද්ගලයෙකු වැටී සිටින බවට පොලීසියට ලද දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කළ බවයි.
පසුව 1990 ගිලන්රථ සේවය පැමිණ අදාළ පුද්ගලයා මියගොස් ඇතැයි තහවුරු කර ඇත.
එලෙස මියගොස් ඇත්තේ 71 හැවිරිදි රුවන්එළිය, නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇත.