නිවාස සහ ඉඩම් අයිතිය ලැබුණා!

Report

නිසි අයිතිවාසිකම් නොමැතිව වසර ගණනාවක් ජීවත් වූ පවුල්වලට නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීමේ විශේෂ වැඩසටහනක් ඊයේ ( 24) ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වූ මෙම උත්සවයේදී ආණමඩුව, නවගත්තේගම, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල සහ වනාතවිල්ලුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බොහෝ දෙනෙකුට නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීම සිදු විය.

රැස්ව සිටි ජනතාව අමතමින් අමාත්‍යවරයා පැවසුවේ, මෙම ප්‍රදේශවල ඉපදී හැදී වැඩුණු ජනතාව දිගු කලක් මානසික ආතතියකින් ජීවත් වූ බවත්, ඔවුන්ට නීත්‍යානුකූල ඉඩම් අයිතිය ලබාදීම රජයේ ප්‍රධාන වගකීමක් බවත් අවධාරණය කළේය.

මෙම වැඩසටහන පූර්ණ විනිවිදභාවයකින් සහ දේශපාලන බලපෑමකින් තොරව සිදු කරන බවත්, අතීතයේ දී දේශපාලන හෝ පෞද්ගලික සම්බන්ධතා මත ඉඩම් බෙදාහැරීම් සිදු වූ නමුත් වත්මන් රජය ඉඩම් ලබාදෙන්නේ කුසලතා සහ සුදුසුකම් මත පමණක් බවත් ඔහු සහතික කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ "පොහොසත් රටක්, සුන්දර ජීවිතයක්" ප්‍රතිපත්තිය යටතේ සියලු පුරවැසියන්ට ගෞරවනීය ජීවිතයක් සහතික කිරීම රජයේ අරමුණ බවත්, ආරක්ෂිත සහ ස්ථාවර ජීවිතයක් සඳහා ඉඩම් අයිතිය අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්හ.

ඉඩම් නොමැති පවුල්වලට සහාය වීම සඳහා දැනටමත් දියත් කර ඇති "ඔබේම තැනක්, සුන්දර ජීවිතයක්" ජාතික නිවාස ආධාර වැඩසටහන ගැනද ඔහු සඳහන් කළේය.

ප්‍රතිලාභීන්ට ලබාදෙන ඉඩම් විකුණා නොදැමීමට, තම පවුල් සමඟ එහි ජීවත් වීමට සහ වගාව සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීමටද ඔහු ඉල්ලා සිටියේය.

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

සුරේෂ් සලේව අත්අඩංගුවට ගැනීමෙන් යුද හමුදාව හා එහි බුද්ධි අංශය කනස්සල්ලෙන් - අලි සබ්රි කට අරී

මෙම ප්‍රදේශවල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රජය අවධානය යොමු කර ඇති බවත්, ඒ සඳහා නුදුරු අනාගතයේදී විසඳුම් ලබාදෙන බවත් අමාත්‍යවරයා සහතික විය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය නියෝජිතයින්, ආණමඩුව ප්‍රාදේශීය ලේකම්, රජයේ නිලධාරීන් සහ පදිංචිකරුවන් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩසටහන මගින් දිගුකාලීනව ජීවත් වූ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සපුරාලීමටත්, රජයේ ජනතාව කෙරෙහි ඇති කැපවීම තහවුරු කිරීමටත් හැකි වූ බව වාර්තා වේ.

අරගලකරුවන්ට උපදෙස් දුන් අනුර, හරිණි සහ ඇමතිවරුන්ට දඬුවම් ලබාදිය යුතුයි” - සාගර පෙරට

අරගලකරුවන්ට උපදෙස් දුන් අනුර, හරිණි සහ ඇමතිවරුන්ට දඬුවම් ලබාදිය යුතුයි” - සාගර පෙරට