අරගලකරුවන්ට උපදෙස් දුන් අනුර, හරිණි සහ ඇමතිවරුන්ට දඬුවම් ලබාදිය යුතුයි” - සාගර පෙරට

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ, 2022 අරගලයේදී රටේ ජීවිත හා දේපළ විනාශ කිරීම සඳහා අරගලකරුවන්ට උපදෙස් ලබා දුන් වත්මන් ජනාධිපති, අගමැති සහ ඇතැම් ඇමතිවරුන්ට ඉදිරි ආණ්ඩුවක් යටතේ නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර, එම දඬුවම් ලබාදීමට ප්‍රමාණවත් සාක්ෂි මේ වන විට රැස්කර ඇති බවත් අනාවරණය කළේය.

“2022 මැයි 09 වැනිදා රටපුරා දේපළ විනාශ කිරීමට සහ ඝාතන සිදුකිරීමට උපදෙස් ලබා දුන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් අද රට පාලනය කරනවා. ඔවුන් අරගලකරුවන් පෙළඹවූ බවට සාක්ෂි සියල්ලම රැස්කර තිබෙනවා”

යැයි සාගර කාරියවසම් මහතා පැවසීය.

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ඇමති ආනන්ද කියපු නුවරඑළියේ 'අයිස් ෆැක්ටරිය' ගැන වාර්තාව තවමත් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

ඔහු තවදුරටත් ප්‍රශ්න කළේ, අරගලකරුවන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සාධාරණ බව වත්මන් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන් ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන්නයි.

“එම ආකාරයට ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම සාධාරණ බව කොටි හිතවාදීන් ප්‍රකාශ කළහොත් ඊට ලබාදෙන පිළිතුර මොකක්ද? එය අදාළ මැති ඇමතිවරුන්ගෙන්ම අපි විමසා සිටිනවා”

යැයි ඔහු කීවේය.

අරගලකරුවන්ගේ ව්‍යවස්ථා උල්ලංඝනය සාධාරණීකරණය කරන වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටම ප්‍රශ්න කරමින් ඔහු පැවසුවේ, කොටි සංවිධානය විසින් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වැදීම සාධාරණද යන්නයි.

අධිකරණය කෙරෙහි රටේ ජනතාවට තිබෙන විශ්වාසය පෙන්වා දුන් සාගර කාරියවසම් මහතා සිහිපත් කළේ, අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් අනෙකුත් සැකකරුවන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන බව නීතිපතිවරයා දැනටමත් ප්‍රකාශ කර ඇති බවයි.

මේ ලග්න වලට මූල්‍ය කටයුතු සාර්ථක වෙන දවසක්, අද ලග්න පලාපල මෙන්න

මේ ලග්න වලට මූල්‍ය කටයුතු සාර්ථක වෙන දවසක්, අද ලග්න පලාපල මෙන්න