කුඩු තමිල් මැරුණේ පිළිකාවකින්, ඒකත් ගුදෙන් පටන් අරන් මොළේටම දුවලා

Report

දකුණු ප්‍රදේශය කේන්ද්‍ර වන සේ මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගිය පැරණිතම පුද්ගලයා බවට හැඳින් වූ තමිල් අජිත් කුමාර නැතහොත් දෙවුන්දර "කුඩු තමිල්" ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොළයේ පිළිකාවකින් බවට තොරතුරු වාර්තා වේ.

ඒ අනුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා ප්‍රතිකාර වෙනුවෙන් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි බව සඳහන් වුණා.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

එසේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තමිල් අජිත් කුමාර හෙවත් කුඩු අජිත් නැමැත්තේ ඊයේ (04) දින උදෑසන ජීවිතක්ෂය පත් වූ බව වාර්තා විය.

කෙසේ වෙතත් ලැබුණු නවතම තොරතුරු අනුව ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගුද මාර්ගයේ හටගත් පිළිකාවක් කොන්ද ඔස්සේ මොළය දක්වා පැතිර යාම නිසා බව සඳහන්.

මොහු දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිය මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර ඔහුව එම පළාතේ පැරණිතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙසද හඳුන්වන බව පවසයි.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

එසේම මනුෂ්‍ය ඝාතන සිද්ධියකට සම්බන්ධව ඔහුට මරණ දඬුවම නියම වී ඇත. එහෙත් පසුව ඔහු විසින් මෙම දඬුවමට විරුද්ධව ඇපෑලක් ඉදිරිපත් කර තිබෙනවා.

තත්ත්වය එසේ තිබියදී ඔහු අඳාළ නඩුවෙන් ඉකුත් 23 වන දින නිදොස් කොට නිදහස් කර ඇත.

එසේ වුවත් මිය යන විට ඔහු බන්ධනාගාර ගතව ඇත්තේ වෙනත් නඩුවකට අදාළව බව සඳහන්.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ