සෞඛ්‍ය කාර්ය සහයකයෝ 1900ක් සඳහා රැකියා අවස්ථා - සෞඛ්‍ය අමාත්‍යාංශය
රෝහල්වල අතරමඟ නවතා ඇති සංවර්ධන ඉදිකිරීම් ව්‍යාපෘති ඉදිරි වසර දෙක තුළ අවසන් කිරීම සඳහා රුපියල් බිලියන 45ක මුදලක් වෙන් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
එසේම, ඉදිරි මාස දෙක තුළ සෞඛ්‍ය කාර්ය සහායකයින් 1,900ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත්, ක්ෂේත්‍ර රාජකාරිවල නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට යතුරුපැදි ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ආරම්භ කළ හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම ප්‍රකාශය අමාත්‍යවරයා කළේ, අම්පාර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් සහ රාජ්‍ය ආයතන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේදී පැවති රැස්වීමකදී ය.
මේ වන විට සමස්ත රාජ්‍ය සේවයට 70,000ක් බඳවා ගැනීම සඳහා අනුමැතිය ලබාගෙන ඇති අතර, එයින් සැලකිය යුතු ප්‍රමාණයක් සෞඛ්‍ය සේවය සඳහා වෙන් කෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.